මුළු රටම විවෘත කෙරෙන හැටි ජනපති දන්වයි..

Police Sri Lanka Gotabaya Isolating Rajapakshe
By Aruna Jul 27, 2021 03:07 AM GMT
Aruna

Aruna

Report

සැප්තැම්බර් මාසයෙන් පසු රට වසා දැමීමට කටයුතු නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලයට ඊයේ (26 වැනිදා) දැනුම් දී තිබෙනවා.

ජූලි සහ අගෝස්තු මාස අවසන් වන විට තවත් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 10.5ක් මෙරටට ලැබීමට නියමිත බව ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ඇමති මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා සඳහන් කළා.

එම එන්නත් ලබාදීමෙන් එන්නත්කරණයද 80%කින් පමණ අවසන් වන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

මෙරට ආර්ථික අර්බුදයට හේතුව කොවිඩ් නිසා රට වසා දැමීම බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now