ලංකාව නැගෙනහිර ආසියාවටම තෙල් බෙදන්න යයි.

Sri Lanka Government Of Sri Lanka United Arab Emirates Sagala Ratnayaka
By Wayomi Sep 09, 2023 06:25 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් නැගෙනහිර ආසියාවේ සිය ඛනිජ තෙල් වෙළෙදාම ආරම්භ කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසා තිබෙනවා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සමඟ පැවැති සාකච්ඡාවකදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙලෙස දැනුම් දී ඇත.

එමෙන්ම එක්සත් ආරාබී එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාල්ඩ් නසීර් අයිආමරි මහතා ශ්‍රී ලංකාවේ කරන ආයෝජන කිහිපයක් ගැන සාගල රත්නායක මහතාට දැනුම් දී ඇති අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මෙරටට ගෙන්වා ගබඩා කොට ඒවා නැගෙනහිර ආසියානු කලාපයේ රටවල අලෙවි කිරීමට නියමියතයි.

ඒ, අනුව මූලික වශයෙන් නැගෙනහිර ආසියාවේ ඔවුන්ගේ ඉන්ධන අපනයන කටයුතු ලංකාව කේන්ද්‍ර කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ වනු ඇති.

ඊට අමතරව පූනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් හා සංචාරක ව්‍යාපාරය හා හෝටල් කර්මාන්තය, කෘෂිකර්මන්තයට නවීන තාක්ෂණය හදුන්වාදීම මෙන්ම ශ්‍රී ලංකාවට එන එමීරේට්ස් ගුවන් ගමන් වාර ගණන වැඩි කිරීමට ද එකඟතාවය පළ කර ඇත.

ReeCha