මෙරට ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්.

Amarica Covide Kamal gunarathne Sri Lanka defence
By Aruna May 27, 2021 07:52 AM GMT
Aruna

Aruna

Report

 රට තුළ ත්‍රස්ත ක්‍රියා සිදුවිය හැකි බවට පැතිර යන ව්‍යාජ ප්‍රචාරවල පදනමක් නොමැති බව ආරක්ෂක ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙන්නේ ආරක්ෂාව සම්බන්ධයෙන් මහජනතාව කලබල නොවිය යුතු බවය.

එම නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශය, ආරක්ෂක හමුදා සහ නීතිය සම්බන්ධයෙන් ක්‍රියා කරන අනෙකුත් ආයතන ජාතික ආරක්ෂාව මනා ලෙස ස්ථාපිත කර ඇති බවය.

අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති 4වන මට්ටමේ සංචාරක සීමාවල ත්‍රස්ත තර්ජන ගැන සඳහන් වී තිබීම එම ක්‍රියාවලියේ සාමාන්‍ය දෙයක් බවද ඔහු පවසයි.

එබැවින් ආරක්ෂක ලේකම්වරයා සියලුම ශ්‍රී ලාංකිකයින්ට දන්වා සිටින්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර ගැනීම සුදුසු නොවන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now