ශ්‍රී ලංකාවේ අලුත්ම තත්ත්වේ - වාර්තාව මෙන්න

Report

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශයට පත් කරන ලද 2024 සංගණන දත්තවලට අනුව මෙරට ‘පුමිතිරි අනුපාතය‘ 93.3ක් ලෙසින් දැක්වේ. ‘පුමිතිරි අනුපාතය‘ (ස්ත්‍රී පුරුෂ අනුපාතය) යනු සෑම කාන්තාවන් 100 දෙනෙකුටම සිටින පිරිමින් සංඛ්‍යාවක් වන අතර එය වැදගත් ජනවිකාශ දර්ශකයක් වේ.

මෙම පුමිතිරි අනුපාතය සමාජ හා ආර්ථික අංශ කෙරෙහි සහ දිගු කාලීන ජනගහන ස්ථාවරත්වයට බලපාන සාධකයක් ලෙස සලකයි.

එබැවින් පුමිතිරි අනුපාතය 100ට වැඩි වන විට පුරුෂ සංඛ්‍යාව ස්ත්‍රී සංඛ්‍යාව අභිබවා යාමක් හා 100ට අඩුවන විට ස්ත්‍රී සංඛ්‍යාව පුරුෂ සංඛ්‍යාව අභිබවා යාමක් පෙන්නුම් කරයි.

මේ අතර පසුගිය 2012 සංගණනයේ දී වාර්තා වූ පුමිතිරි අනුපාතය 93.8ක් වූ අතර, 2024 සංගණනයේ දී වාර්තා වන පුමිතිරි අනුපාතය 93.3ක් වශයෙන් දැක්වුණා.

විශේෂ නිවේදනයක් - මේ ගැසට් පත්‍රය අවලංගුයි

විශේෂ නිවේදනයක් - මේ ගැසට් පත්‍රය අවලංගුයි

මේ අනුව 2012 සංගණනයේ සිට 2024 සංගණනය දක්වා ප්‍රතිශත ඒකක 0.5ක අඩුවීමක් ලෙස දැක්වේ.

එහෙත් මෙවර සංගණනයේ දී වයස් කාණ්ඩ අනුව පුමිතිරි අනුපාතය සැලකූ විට වයස අවුරුදු 0 සිට අවුරුදු 19 අතර ඇති වයස් කාණ්ඩවල පුමිතිරි අනුපාතය 100ට වඩා ඉහළ අගයන් ගන්නා බව වාර්තා වේ.

එසේ වුවත් අවුරුදු 40ට වැඩි සියලුම වයස් කාණ්ඩවලට, එනම් වයස්ගත වීමත් සමඟ පුමිතිරි අනුපාතය ක්‍රමක්‍රමයෙන් අඩුවීමක් දැක්වේ.

රජරටට අවුරුද්දක් තිස්සේ උපකුලපතිවරයෙක් නෑ- උපකුලපතිවරයෙක් ඉල්ලා ආචාර්යවරු විරෝධයේ

රජරටට අවුරුද්දක් තිස්සේ උපකුලපතිවරයෙක් නෑ- උපකුලපතිවරයෙක් ඉල්ලා ආචාර්යවරු විරෝධයේ

මෙය විශේෂයෙන් වයස අවුරුදු 70 හා ඊට වැඩි වයස් කාණ්ඩය, අඩුම පුමිතිරි අනුපාතිය වන 69.8ක අගය පෙන්නුම් කරන බව සඳහන්.

ඒ අනුව මෙවර සංගණනයේ දී 97.9ක වැඩිම පුමිතිරි අනුපාතයක් මොණරාගල දිස්ත්‍රික්කයෙන් පෙන්නුම් කරන අතර, දෙවනුව වැඩි අගයයක් එනම් 97.3ක් මන්නාරම දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.

එසේම අඩුම පුමිතිරි අනුපාතය නැගෙනහිර මඩකළපුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. ඒ 88.0ක් වශයෙන්.

අස්වැසුම ගැන විශේෂ නිවේදනයක් පුළුවන් ඉක්මනට කරන්න

අස්වැසුම ගැන විශේෂ නිවේදනයක් පුළුවන් ඉක්මනට කරන්න