ඉන්ධන අර්බුදය ගැන ඇහෙන අලුත්ම කතාව මෙන්න - ඒ අතර අලුත්ම සතුටුදායක ආරංචියකුත්..

Sri lanka fuel problems Sri lanka sinhala news today trending news
By krishani Apr 13, 2022 08:14 AM GMT
krishani

krishani

Report

සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කෙරෙන ප්‍රකාශ හේතුවෙන් අනවශ්‍ය පරිදි ඉන්ධන පිරවුම්හල් අසල ප්‍රෙටල් පෝලිම් දක්නට ලැබෙන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

දින 15 කට පමණ අවශ්‍ය පෙට්‍රල් සංචිත සංස්ථාව සතු බව එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේය.

පසුගිය දින කිහිපය තුළ මෙන්ම අද(13) දිනයේදීත් දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෙට්‍රල් පෝලිම් දක්නට ලැබේ.

මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විමසීමක් කළ අතර එහිදී එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, අවශ්‍ය ඉන්ධන සංචිත තිබියදීත් ඉන්ධන පිරවුම්හල් අසල ජනතාව රැඳීසිටීම ගැටලු සහගත බවය.

සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පුද්ගලයින් සිදුකරන අසත්‍ය ප්‍රචාර හේතුවෙන්ද ඉන්ධන පෝලිම් දක්නට ලැබෙන බව එම නිලධාරියා සඳහන් කළේය.

මේ අතර ඩීසල් රැගත් නෞකාවක් හෙට (14) දිනයේදී දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ඉන්දියානු ණය ආධාර යටතේ එම ඩීසල් තොගය මෙරටට ලැබීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය.

ඩීසල් මෙට්‍රික්ටොන් 40,000ක් හෙට දිනයේ දිවයිනට රැගෙන එනු ඇත. මේ අතර අනවසරයෙන් ඉන්ධන තොග රැස් කර තබා ගන්නා පුද්ගලයින් සොයා ඊයේ දිනයේදීත් වැටලීම් 67ක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

අදාළ වැටලීම් මඟින් පෙට්‍රෙල් ලීටර් 5,690ක්, ඩීසල් ලීටර් 10,115ක් සහ භූමිතෙල් ලීටර් 5,620ක් සමග සැකකරුන් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරුවන් එරෙහිව ඉදිරියෙදී අධිකරණවල නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. 

මේ සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිරන්තරයෙන් සහාය ලබාදීමට කටයුතු කර තිබෙනවා. මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔබ ඉන්ධන ලබාගැනීම, භාවිතා කිරීම, නිත්‍යානුකූලව පමණක් සිදුකරන ලෙසයි.

මේ ආකාරයට අධික මිල ගණන්වලට ඉන්ධන අලෙවි කිරීම සඳහා ගබඩා කිරීම සහ මේ තොග රැස්කිරීම පිළිබඳව සොයා බැලීමට නිරන්තරයෙන්ම වැටලීම් සිදුකිරීමට පොලීසිය විසින් කටයුතු කරනු ලබනවා.

එසේ වැටලීම් සිදුකිරීමේ දී ඔබ යම් ආකාරයෙන් අත්අඩංගුවට පත්වූවහොත් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරනවා යනුවෙන් ද බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join