ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 09ක් සම්බන්ධයෙන් තීරණයක්.
ආණ්ඩුවට සහය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 9දෙනා එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙත අද (14) කැදවා ඇත.
ඒ අනුව පස්වරු 6ට ඩාලි පාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයේ දී මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වීමට නියමිතයි.
ඒ පසුගිය මධ්‍යම කාරක සභා රැස්වීමේ දී පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ 14 දෙනාගෙන් නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර කැබිනට් අමාත්‍ය ධූර දරණ අතර තවත් 6 දෙනෙකු රාජ්‍ය අමාත්‍ය ධුර දරයි.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක අමාත්‍ය ධූරයක් නොදැරුව ද ආණ්ඩුවට සහය පළ කරමින් කටයුතු කරයි.