සියල්ල වෙනස් වෙයිද? බරපතළ සැකයක් - භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය ගැන මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් ඉල්ලයි[VIDEO]

Report

මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ මරණය සම්බන්ධයෙන් මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් සිදුකළ යුතු බවට දිනන දකුණ සංවිධානයේ සාමාජික නීතිඥ ශිරාල් ලක්තිලක මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ මුදල් වංචාව මාස 4ක් පුරා වසන් කිරීම තුළ බරපතළ සැකයක් මතුව තිබෙන බවයි.

රටම කළඹමින් මියගිය මහා භාණ්ඩාගාර නිලධාරියාගේ අවසන් කටයුතු අද

රටම කළඹමින් මියගිය මහා භාණ්ඩාගාර නිලධාරියාගේ අවසන් කටයුතු අද

එබැවින් ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් මේ සම්බන්ධයෙන් මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් (Psychological Autopsy) සිදුකරන මෙන් ඉල්ලා සිටින බවද ශිරාල් ලක්තිලක මහතා සඳහන් කරයි.

“භාණ්ඩාගාර නිලධාරියාගේ මියයෑම සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් ඊයේ නිල වශයෙන් කියලා තියෙනවා මේක, සියදිවි නසා ගැනීමක් කියලා. අපි දන්නවා ලංකාවේ කුප්ප්‍රකට ඉතිහාසයක් තියෙනවා සියදිවි නසා ගැනීම් වේවා, මරණයන් ගැන වේවා අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තා පිළිබඳව ලංකාවේ ඉතිහාසය. තාජුඩීන් මරණ සම්බන්ධයෙනුත් නිල අධිකරණ වෛද්‍ය වාර්තා ආවා. නමුත් පස්සේ අපිට දැනගන්න ලැබුණා, ඒ නිල අධිකරණ වෛද්‍ය වාර්තා කියන තරම් නිවැරදි නොවන බව. ලංකාවේ ජනාධිපතිවරයාගෙන් සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලන්නේ හදිසි මරණ වෛද්‍ය පරීක්ෂණ වාර්තාව හොඳයි. නමුත් වෛද්‍ය විද්‍යාව තුළ තව පියවරක් තියෙනවා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. මේ සම්බන්ධයෙන් මනෝ විද්‍යාත්මක මරණ පරීක්ෂණයක් කරන්න කියලා අපි කියනවා.”

ඝාතනයක්ද? සියදිවි නසාගැනීමක්ද? මුදල් අමාත්‍යාංශයේ රංග රාජපක්ෂගේ මරණය පිටුපස සැඟවුණු කතාව

ඝාතනයක්ද? සියදිවි නසාගැනීමක්ද? මුදල් අමාත්‍යාංශයේ රංග රාජපක්ෂගේ මරණය පිටුපස සැඟවුණු කතාව

“මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් කියලා කියන්නේ කරුණු තුනක්. ඒ තුළින් සොයා බලනවා සියදිවි නසා ගැනීමට හේතුව කුමක් ද? ඒ හේතුවට බලපාපු ඔහුගේ චිත්තය කුමක් ද ? ඒ වගේම ඒ මරණය සිදුවු ආකාරය කුමක් ද ? මරණයට මෙපිටින් කලින් සිදුවු සිදුවීම් සොයා බලන්න ඕනේ. ඇයි අපි මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් කරන්න කියලා කියන්නේ, හර්ෂ ද සිල්වා මහත්තයා කියන විදියට මේක හොරකමක්. අපි දකිනවා මුදල් ලේකම්තුමා මාස 4ක් තිස්සේ මේක වසන් කළා. ඒ වසන් කිරීම තුළ අපිට සැකයක් තියෙනවා. මේ තුළ බරපතළ මියගිය නිලධාරියාගේ ක්‍රියාකාරීත්වයෙන් එපිටට යන ක්‍රියාකාරීත්වයක් තිබුණා කියලා. එතකොට කලින් කියපු චිත්තය වැදගත් වෙනවා. මේක මගේ අත්වැරදීමක් නොවෙයි කියන පදනමින් තමයි අපිට කියන්න වෙන්නේ මේ සියදිවි නසා ගැනීම සිදුවුණේ. නව වතාවක් ඒක කරන්නට ඒක අත්වැරදීමක් නොවෙනවා නම් අත්වැරදීම නොඑන හේතුව අපි හොයා ගන්න ඕනේ. කවුද ඔහුට ඒ හේතුව හදලා දුන්නේ ?”

මේ අතර මිය ගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂවරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (02) දින පස්වරුවේ සිදුකිරීමට නියමිතයි. ඒ කුලියාපිටිය පහළ වීරඹුව පොදු සුසාන භූමියේදීයි.

තත්ත්වය බරපතළයි 12ක් මරුට - දින 2ට වඩා උණ නම් වහාම රෝගය තහවුරු කර ගන්නා මෙන් දැනුම්දීමක්

තත්ත්වය බරපතළයි 12ක් මරුට - දින 2ට වඩා උණ නම් වහාම රෝගය තහවුරු කර ගන්නා මෙන් දැනුම්දීමක්

එසේම දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (01) දින සිදුකළ අතර එහිදී හෙළි වී තිබුණේ සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය ඔහු විසින් සිදුකරගනු ලැබූ තුවාල නිසා සිදුවූ දිවි නසාගැනීමක් බවයි.

මහා භාණ්ඩාගරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් වෙනත් පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂ මහතා ඉකුත්දා සිය ගෙවත්තේදී සැකකටයුතු ආකාරයට මියගොස් සිටි අතර ඔහුගේ පාදයක සහ අතක කැපුම් තුවාල තුනක් දක්නට තිබූ බව පොලීසිය වාර්තා කළා.

ඒ අනුව මෙය සියදිවි නසාගැනීමක්ද ඝාතනයක්ද යන්න පිළිබඳ සොයා බැලීමට පොලිස් විමර්ශන ආරම්භ කර තිබූ අතර සැකකටයුතු ලෙස මිය ගිය මුදල් අමාත්‍යංශ සහකාර අධ්‍යක්ෂවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍ය විශේෂඥයන් සිව් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් ද පත්කරනු ලැබුවා.

කොමඩු කෑමෙන් එකම පවුලේ සිව්දෙනෙක් මරුට - මුම්බායි කැළඹූ ආන්දෝලනයේ ඇත්ත නැත්ත එළි වෙයි

කොමඩු කෑමෙන් එකම පවුලේ සිව්දෙනෙක් මරුට - මුම්බායි කැළඹූ ආන්දෝලනයේ ඇත්ත නැත්ත එළි වෙයි

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් වන මහෙස්ත්‍රත් පරීක්ෂණය පෙරේදා දිනයේ සිදුකෙරුණු අතර පශ්චාත් මරණ පරීක්ෂණය කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී ඊයේ දින පස්වරුවේ සිදු විය.

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,