ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් එකවරම විශේෂ නිවේදනයක් - මේ ඒ ගැනයි.. (PHOTO)
Sri Lanka
Excise Department of Sri Lanka
By krishani
2023 වසරේ ජනවාරි 01 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිදුකළ වැටලීම් පිළිබඳව එම දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එම නිවේදනයේ සඳහන් වන්නේ මේ දක්වා 28,000කට අධික වැටලීම් ගණනක් සිදු කර ඇති බවයි.
එම වැටලීම්වල දී අදාළ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 28,441ක පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අතරින් 3,756ක පිරිසක් කාන්තාවන් වේ.
කෙසේ වෙතත්, එම වැටලීම්වල දී සුරාබදු දෙපාර්තමේන්තුවේ භාරයට ගන්නා ලද නඩු භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් මිලියන 260 ඉක්මවන බව සඳහන් ය.
එම නිවේදය පහතින් දැක් වේ,

