ලංකා විදුලි බල මණ්ඩලයෙන් සියලුම ජනතාවට සතුටුදායක ආරංචියක්..

Report

වර්ෂාව සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය ඉහළ ගොස් ඇති බැවින් ඊළඟ විදුලි බිල සංශෝධනයේදී ජනතාවට සහනයක් ලබාදීමට හැකිවනු ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

මෙම තත්ත්වය ඉදිරියටත් පවත්වාගෙන යෑමට හැකි වුවහොත් මෙම සහනය ලබාදිය හැකි බවයි එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක විදුලි ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා ඊයේ(13) දින ප්‍රකාශ කළේ.

මේ වනවිට ජාතික විදුලි නිෂ්පාදනයෙන් සියයට 52ක් ජල විදුලි බලයෙන් නිපදවන බවයි ඔහු කියා සිටියේ.

විදුලි බලාගාර ආශ්‍රිතව හොඳ වර්ෂාපතනයක් ලැබෙමින් තිබෙන බවද හෙතම වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර පසු ගිය කාලයේ දිස්ත්‍රික්ක 05කට විදුලිබලය සම්බන්ධව ප්‍රශ්නයක් වී තිබූ සමනල වැව ජලාශය ද මේවන විට ජල පෝෂක ප්‍රදේශ වලට ඇදහැලෙන ධාරානිපාත වාර්ෂා පතනය නිසා පිරීගොස් ඇති බවයි වාර්තා වන්නේ.