ආයේ අධ්‍යාපනය කටයුතු Online වලින්ද? අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙලක්

Report

පවතින බලශක්ති ගැටලු හමුවේ පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය බිඳ වැටීම වැළැක්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙළක් දියත් කර ඇත.

මේ සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා කරුණු පැහැදිලි කර ඇත. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු නිරාකරණය කරගැනීම උදෙසා දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමඟ එළඹෙන සතියේදී 'සූම්' තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබේ.

පාසල් දරුවන්ට නව තාක්ෂණික අවස්ථාව - අගමැතිනි හරිනි කියයි

පාසල් දරුවන්ට නව තාක්ෂණික අවස්ථාව - අගමැතිනි හරිනි කියයි

එහිදී ප්‍රධාන වශයෙන් නව අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල බඳවා ගැනීම්, ක්‍රියාත්මක වෙමින් පවතින විශ්වවිද්‍යාල ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය, නේවාසිකාගාර පහසුකම් සම්බන්ධයෙන් පවතින දැඩි අර්බුදය සම් බන්ධයෙන් අවධානය යොමු කෙරෙයි. නේවාසිකාගාර හිඟයට කඩිනම් විසඳුම් ලෙස දිවයින පුරා අලුතින් නේවාසිකාගාර 55ක් ඉදි කිරීමට රජය පියවර ගනිමින් සිටී.

එසේම, සිසුන්ට අවශ්‍ය ගෑස් සැපයුම අඛණ්ඩව ලබා දීමටත්, පර්යේෂණාගාර කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට විදුලි උත්පාදක යන්ත්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන කෝටාවක් වෙන් කිරීමටත් අමාත්‍යාංශය එකඟතාව පළ කර ඇත.

සේවක අර්ථසාධක අරමුදල EPF ගැන අති විශේෂ නිවේදනයක්

සේවක අර්ථසාධක අරමුදල EPF ගැන අති විශේෂ නිවේදනයක්

ඉදිරි අධ්‍යයන කටයුතු සිදුකරන ආකාරය (සෘජු දේශන හෝ මාර්ගගත ක්‍රමය) පිළිබඳව ඉදිරියේදී නිශ්චිත තීරණයක් ගැනීමට නියමිතය. මෙහි මූලික අරමුණ වන්නේ අනවශ්‍ය සංචරණ සීමා කරමින් බලශක්තිය පිරිමසා ගැනීමයි. බලශක්ති අර්බුදයට විසඳුම් ලෙස පාසල් සඳහා ද දැඩි සීමා පනවා ඇත

. අධ්‍යාපන චාරිකා සහ විශාල පිරිසක් සහභාගී වන උත්සව තාවකාලිකව අත්හිටුවා ඇති අතර පාසල් බස් රථ සහ අනෙකුත් වාහන භාවිතය අවම කරන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත.

තව මාස තුනකින් ලංකාවම අනතුරේ? භයානක හෙළිදරව්වක්

තව මාස තුනකින් ලංකාවම අනතුරේ? භයානක හෙළිදරව්වක්