එල්.ටි.ටි.ඊ සංවිධානය වෙනුවෙන් යාපනයේදී ගීත ගැයූ ගායකයා අත්අඩංගුවට

Report

මෙරට තහනම් සංවිධානයක් වන එල්ටීටීඊ සංවිධානය වෙනුවෙන් පසුගිය මැයි 31 වන දින චාවකච්චේරිය නාවක්කුලි ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයකදී ගීත ගායනා කළ සැකකරුවෙකු යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිදුකරන ලද වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු විසින් ඔහුගේ ටික්ටොක් ගිණුමට එදින තමන් ගායනා කරන ලද ගීත 04 ක් සංස්කරණය කර, එල්ටීටීඊ සංවිධානය වෙනුවෙන් ගායනා කළ ගීත ලෙස උඩුගත කර ඇති බවයි.

ජුනි 09 සිට 12 දක්වා රැස්වන පාර්ලිමේන්තුවේදී ගන්න යන තීරණ මෙන්න

ජුනි 09 සිට 12 දක්වා රැස්වන පාර්ලිමේන්තුවේදී ගන්න යන තීරණ මෙන්න

ඒ අනුව සැකකරු 1978 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 03 උ වගන්තියේ දැක්වෙන දඬුවම් ලැබිය හැකි බරපතළ වරදක් සිදුකර ඇති බැවින් ඔහු සතුව තිබූ ජංගම දුරකථනය ද සමඟින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගත්තේය.

කරුණු සලකා බැලූ ගරු අධිකරණය විසින් සැකකරු එළඹෙන ජූනි 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

මධ්‍යම කඳුකරය ඇතුළු ප්‍රදේශ රැසකට චණ්ඩ සුළං සහ අකුණු අනතුරු

මධ්‍යම කඳුකරය ඇතුළු ප්‍රදේශ රැසකට චණ්ඩ සුළං සහ අකුණු අනතුරු

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ වයස අවුරුදු 24 ක් වන කිලිනොච්චිය උදයනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සහ චාවකච්චේරිය මූලස්ථාන පොලිසිය එක්ව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.