රජය මගින් 8 වෙනි දින සිට 10 වෙනි දින දක්වා විශේෂ දින තුනක් ප්‍රකාශයට පත් කරයි - හේතුව මෙන්න
දිවයින පුරා මදුරු මර්දන කටයුතු වඩාත් විධිමත් කිරීම සහ ඩෙංගු ඇතුළු මදුරුවන්ගෙන් බෝවන රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විශේෂ දින තුනක් ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව එළඹෙන ජූනි මස 8 ජූනි මස 9 සහ ජූනි මස 10 යන දින තුන මදුරු මර්දන තෙදිනක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ රට පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාවක් පවතින බැවින්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ විශේෂ උපදෙස් මත ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඒකාබද්ධව මෙම විශේෂ වැඩපිළිවෙළ සංවිධානය කර තිබේ.
මෙම සුවිශේෂී දින තුන ඇතුළත රට තුළ මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන විනාශ කිරීම, මදුරු මර්දනය පිළිබඳව සමස්ත මහජනතාව සක්‍රීයව දැනුවත් කිරීම ඇතුළු විශේෂ ක්ෂේත්‍ර ක්‍රියාකාරකම් රැසක් දිවයින පුරා දීපව්‍යාප්ත මට්ටමින් සිදුකිරීමට සැලසුම් කර ඇත.
පුද්ගලයන් ස්මාර්ට්ෆෝන් එක්ක ගතකරන කාලයෙන් තුනෙන් එකක් පැහැදිළි අරමුණක් නෑ - නවතම හෙළිදරව්වක තොරතුරු මෙන්න
මෙම ජාතික මදුරු මර්දන මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකායේ සහාය ද ලබාගැනීමට නියමිත අතර, රාජ්‍ය හා පෞද්ගලික ආයතන, පාසල් පරිශ්‍ර, ආගමික ස්ථාන මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින පරිශ්‍රයන් ද විශේෂ පරීක්ෂාවකට ලක් කෙරේ.
එහිදී මදුරුවන් බෝවන ලෙස අවට පරිසරය අශුද්ධව තබාගන්නා පුද්ගලයන්ට සහ ආයතන ප්‍රධානීන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, මේ සඳහා තම තමන්ගේ නිවෙස් සහ ගෙවතු පිරිසිදුව තබාගනිමින් පූර්ණ සහයෝගය ලබාදෙන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය සමස්ත මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.