උතුරේ මියගියවුන් ගැන සින්දුවක් හැදූ සංගීතඥයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට

Report

යුද සමයේ මියගිය උතුරේ ජනතාව අනුස්මරණය කිරීම සඳහා ගීතයක් නිර්මාණය කර සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැරීමේ චෝදනාවක් මත, කිලිනොච්චිය ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණ සංගීතඥ ගනේෂකුමාර් සංකීතන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.

කිලිනොච්චිය පොලිසිය විසින් සිදුකළ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරු චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, එහිදී ඔහුව ලබන මාසය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් උතුරු - නැගෙනහිර ප්‍රදේශවල සිවිල් සංවිධාන සහ මානව හිමිකම් ක්‍රියාකාරීන්ගෙන් විරෝධය පළවී ඇති අතර, කලාත්මක ප්‍රකාශන අයිතිය සහ අනුස්මරණ අයිතිය වැනි මූලික මානව හිමිකම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සීමා කිරීමට උත්සාහයක් ඇති බව ඔවුන් පෙන්වා දෙති.

ඇතැම් මානව හිමිකම් සංවිධාන සඳහන් කරන්නේ මෙය කලාත්මක ප්‍රකාශන හා මත ප්‍රකාශන අයිතියට එල්ල වන බලපෑමක් ලෙස සැලකිය හැකි බවයි. 

නාවලපිටිය කම්පා කරමින් පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙකුගේ ජීවිත බිළිගත් අනතුර

නාවලපිටිය කම්පා කරමින් පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙකුගේ ජීවිත බිළිගත් අනතුර

අද දවසේ ග්‍රහ මාරුවෙන් ලග්න කිහිපයකට බලාපොරොත්තු නොවූ බලපෑම් - ඔබේ ලග්නයත් ඒ අතරද?

අද දවසේ ග්‍රහ මාරුවෙන් ලග්න කිහිපයකට බලාපොරොත්තු නොවූ බලපෑම් - ඔබේ ලග්නයත් ඒ අතරද?