ඖෂධ ආනයනකරුවන්ගෙන් රතු නිවේදනයක්

Report

මිල පාලනයට යටත් කර ඇති ඖෂධ වර්ග 60ක මිල අවම වශයෙන් සියයට 10කින් ඉහළ දමන ලෙස ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබේ.

එසේ නොකළහොත් වත්මන් ජාත්‍යන්තර අර්බුදකාරී තත්ත්වය හමුවේ අඛණ්ඩව ඖෂධ සැපයීම දුෂ්කර විය හැකි බව එම මණ්ඩලය අනතුරු අඟවා ඇත.

ඖෂධ නියාමන අධිකාරිය සහ ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව ද සඳහන් වේ.

මගීන් 20ක් සමඟ ආ හම්බන්තොට - කොළඹ බස් රථය දඩල්ලේදී දරුණු අනතුරකට ලක්වෙයි

මගීන් 20ක් සමඟ ආ හම්බන්තොට - කොළඹ බස් රථය දඩල්ලේදී දරුණු අනතුරකට ලක්වෙයි

ඔවුන් පෙන්වා දෙන්නේ 2026 මැයි මාසය අවසන් වන විට ඇමරිකානු ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 334.24 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඒ හේතුවෙන් ඖෂධ මිල සංශෝධනයක් අත්‍යවශ්‍ය වී ඇති බවයි.

පසුගිය මාස කිහිපය තුළ විදේශ විනිමය අලාභයන්ට මුහුණ දී තිබියදීත් ඖෂධ සැපයුම් අඛණ්ඩව පවත්වාගෙන යන බව පවසන ආනයනකරුවන්, ඉන්ධන මිල ඉහළ යාම, ප්‍රවාහන හා රක්ෂණ ගාස්තු වැඩිවීම, බලශක්ති පිරිවැය ඉහළ යාම සහ රටපුරා බෙදාහැරීමේ වියදම් වැඩිවීම හේතුවෙන් සැපයුම් දාමයේ පිරිවැය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව සඳහන් කරයි.

අත්‍යවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ජනතාවට ලබාදීම සඳහා ඖෂධ මිල ගණන් සහ අලෙවි ලාභ ආන්තිකයන් කඩිනමින් සංශෝධනය කිරීමට අමාත්‍යවරයාගේ මැදිහත්වීම අවශ්‍ය බව ද ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය අවධාරණය කර තිබේ.

හොරණ “සෙනෙහසේ කැදැල්ල” ගිනිබත් වෙයි - මව්පියන් 11ක් අළු වෙයි, 3ක් අතුරුදන්

හොරණ “සෙනෙහසේ කැදැල්ල” ගිනිබත් වෙයි - මව්පියන් 11ක් අළු වෙයි, 3ක් අතුරුදන්

අද දවසේ ග්‍රහ මාරුවෙන් ලග්න කිහිපයකට බලාපොරොත්තු නොවූ බලපෑම් - ඔබේ ලග්නයත් ඒ අතරද?

අද දවසේ ග්‍රහ මාරුවෙන් ලග්න කිහිපයකට බලාපොරොත්තු නොවූ බලපෑම් - ඔබේ ලග්නයත් ඒ අතරද?