පොලිසියෙන් ඇග හිරිවැටෙන ඇත්තක් එළියට
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර ඇත්තේ ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ පසුගිය මාස කිහිපය තුළ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව දැවැන්ත ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි.
ඒ අනුව, 2025 ඔක්තෝබර් 30 වන දින සිට 2026 ජනවාරි 22 දක්වා කාලසීමාව තුළ මුළු වැටලීම් 77,824ක් සිදු කර ඇති අතර, එහිදී සැකකරුවන් 77,105ක් අත්අඩංගුවට ගෙන ඇත.
වැටලීම් වලදී අයිස් කිලෝග්‍රෑම් 1,280ක් සහ ග්‍රෑම් 956ක් (වැටලීම් 28,854),හෙරොයින් කිලෝග්‍රෑම් 320ක් සහ ග්‍රෑම් 741ක් (වැටලීම් 25,871), ගංජා කිලෝග්‍රෑම් 2,341ක් සහ ග්‍රෑම් 523ක් සමඟ ගංජා පැල 5,568,583ක් (වැටලීම් 18,316) ,මත්පෙති 132,561ක් (වැටලීම් 4,726), කුෂ් කිලෝග්‍රෑම් 155ක්, හෂීෂ් කිලෝග්‍රෑම් 44ක්, මාවා කිලෝග්‍රෑම් 146ක් සහ මදනමෝදක කිලෝග්‍රෑම් 102කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් ප්‍රධාන මත්ද්‍රව්‍ය වේ.
අත්අඩංගුවට ගත් පිරිස අතරින් සැකකරුවන් 1,582ක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බවත්, සැකකරුවන් 68 දෙනෙකුට එරෙහිව නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයින් 1,449 දෙනෙකු මේ වන විට පුනරුත්තාපනය සඳහා යොමු කර ඇති බව එම නිවේදනයේ සදහන් වේ.