ලංකාවටම ඩොලර් ගණනින් සතුටු හිතෙන සුභ ආරංචියක් මෙන්න.. (VIDEO)

Sri Lanka Economic Crisis Sri Lanka
By krishani Apr 23, 2022 12:36 AM GMT
krishani

krishani

Report

මෙරටට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් මුදල් ලබාදීමටය තීරණය කර තිබේ.

මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පැවසුවේ ඒ අනුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 21.7ක මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වූ බවය.

මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ,

"මේ වෙලාවේ විදේශිකයින්ට අවශ්‍ය මේ රට බේරගන්න එක. ඒත් මේ රටේ මිනිසුන්ට අවශ්‍ය ඒකම ද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා."

"අවුරුදු 70ක් තුළම අපි ක්‍රෙඩිට් කාඩ් එකක් භාවිත කරලා කෑවා බිව්වා වගේ වැඩක් කරලා තියෙන්නේ. ඒකේ අවසන් ප්‍රතිඵලයට තමයි දැන් ඇවිත් තියෙන්නේ."

"IMF ණය දෙන්න ඉන්දියාවෙන් ඇපකරයක් ඉල්ලලා නෑ. ඒක ප්‍රබන්ධයක්. අපි මේ රට බේරගත්තේ නැත්තම් මේකත් ලෙබනනයක් බවට පත්වෙයි."

"අපි මේ ගන්න මුදල් නැවත ගෙවන්නේ කොහොමද කියන එක තමයි සාකච්ඡා කරමින් ඉන්නේ."

"අපි ලෝක බැංකුවත් සමග සාකච්ඡා කරා. ඊයේ දවස වෙනකොට ඔවුන් අපිට පොරොන්දු වුණා අමෙරිකානු ඩොලර් මිලියන 300ත් 600ත් අතර ප්‍රමාණයක් සති 4ක් වගේ ඇතුළත ලබාදෙන්න. ඒ පීඩිත පන්තියේ ජනතාවට සහාන ලබාදීම සඳහා."

"අමෙරිකානු ඩොලර් මිලියන 500ක් දක්වා ඉන්ධන මිලදී ගැනීමට ඉන්දියාව අපිට සහනයක් දෙන්න කටයුතු කරලා තියෙනවා."

"ඒ වගේම ඉන්දියාවෙන් දැනට ලබාදීලා තිබෙන ඩොලර් බිලියනය ඉවර වුණාම තවත් ඩොලර් බිලියනයක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනීම සඳහා දෙන්නත් ඉන්දියාව අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඒකත් සාර්ථක තත්ත්වයක තියෙන්නේ."

"ඉන්දියාව නිල වශයෙන් අපිට පොරොන්දු වුණා මාස 2න් 2ට උදව් කරන්නත්." "IMF සාකච්ඡාවල මූලික අවදියේ අපි ඉන්නේ. හැකි ඉක්මණින් අපි එකඟතාවයකට එනවා."

විඩියෝ දර්ශන - Ada Derana Y-Tube Channel 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join