තවත් වෛරසයක දෙවැනි හා තුන්වැනි ප්‍රභේද රට පුරා ව්‍යාප්ත වීම ගැන අනතුරු ඇඟවීමක්..

Sri Lanka Colombo Dengue fever Dengue viruses
By Aruna Jul 30, 2021 04:01 AM GMT
Aruna

Aruna

Report

ඩෙංගු වෛරසයේ දෙවැනි හා තුන්වැනි ප්‍රභේද මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින බව අනාවරණය වී තිබෙනවා.

ඒ ජාතික ඩෙංගු මර්දන ඒකකය ,වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යලයේ ඩෙංගු පර්යේෂණ ආයතනය එක්ව කළ පරීක්ෂණයකදීයි.

එම පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ වසර කිහිපයකට පසු යළිත් වරක් ඩෙංගු වෛරසයේ පළමු වැනි ප්‍රභේදය ද යළි මෙරට ව්‍යාප්ත වෙමින් පවතින බවයි.

ජනතාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now