ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් භයානක හෙළිදරව්වක් - ඩෙංගු මාරයා දරුණු වෙයි

Report

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්තවලට අනුව මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 64 දක්වා ඉහළ ගොස් ඇත. වසරේ මේ දක්වා සමස්ත ඩෙංගු රෝගීන් 89,033 දෙනෙකු හඳුනාගෙන ඇති අතර වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් 52.94% ක්ම, එනම් රෝගීන් 47,136 දෙනෙකු බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇත.

ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර ඉන් රෝගීන් 18,922 ක් (21.25%) වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,679 ක් (19.86%) සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,298 ක් (7.07%) හඳුනාගෙන තිබේ.

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයෙන් සුභ ආරංචියක් - බස්නාහිර පළාතට විශේෂයි

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයෙන් සුභ ආරංචියක් - බස්නාහිර පළාතට විශේෂයි

එමෙන්ම ඊට අමතරව කොළඹ නගර සභා බලප්‍රදේශයෙන් පමණක් රෝගීන් 3,569 දෙනෙකු වාර්තා වී ඇති අතර පසුගිය ජූලි මාසයේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 29,973කි.

මේ අතර අගෝස්තු මාසයේ මුල් දින 7 තුළ පමණක් රෝගීන් 3,686 දෙනෙකු හඳුනාගෙන ඇත. කෙසේවෙතත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 119ක් තවදුරටත් ඩෙංගු අධි-අවදානම් කලාප ලෙස සෞඛ්‍ය අංශ විසින් නම් කර තිබේ.