තත්ත්වය එන්න එන්නම දරුණු අතට - රෝගීන් ගණන 63000 පනිද්දි මරණ 42ක්

Report

පැය විසිහතරක කාලයක් තුළ අලුතින් ඩෙංගු රෝගීන් 1,835 දෙනෙකු හමුවීමත් සමඟ මෙරට සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 63,835ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය.

දිනකදී වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 2,000 සීමාවට ආසන්න වෙමින් පැවතීම නිසා මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳව වෙනදාටත් වඩා සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් ඒ මහතා, මෙම වසර තුළ සිදුවූ සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 42 දක්වා වැඩි වී ඇති බවද සඳහන් කළේය.

ඉකුත් මාස හයක කාලයේදීම මෙරටින් වාර්තා වී තිබුණේ රෝගීන් 55,385ක් වුවද, ජූලි මාසයේ ගෙවී ගිය දින හතක කෙටි කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 8,450ක්ම හමුවී ඇති අතර, මේ වන විට ප්‍රතිකාර කටයුතු සිදුකරන රෝහල්වල උපරිම ධාරිතාව ඉක්මවා යමින් තිබුණද රෝගීන් වාර්තාවීමේ අඩුවක් දක්නට නොමැති බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

බැංකු ගිණුමක් හිමි ශ්‍රී ලාංකිකයන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක්

බැංකු ගිණුමක් හිමි ශ්‍රී ලාංකිකයන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක්

සඳු ගෝචරය වන අද දින මේ ලග්න හිමියන්ට දරුණු අනතුරු ඇගවීමක් - සුබ කටයුතු සියල්ල නවත්වන්න හරි යන්නෑ

සඳු ගෝචරය වන අද දින මේ ලග්න හිමියන්ට දරුණු අනතුරු ඇගවීමක් - සුබ කටයුතු සියල්ල නවත්වන්න හරි යන්නෑ