ලේ විලක් කළ මීගමුව බන්ධනාගාර ගැටුමෙන් ඉන්දීය ජාතිකයෙකුත් මරුට - මරණ ගණන 28 දක්වා ඉහළට

Report

මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී ඇති වූ බිහිසුණු ගැටුමෙන් මියගිය සමස්ත පිරිස මේ වනවිට 28 දක්වා ඉහළ ගොස් ඇති අතර, එම මියගිය පිරිස අතර එස්. උන්නි ක්‍රිෂ්ණන් නමැති 73 හැවිරිදි ඉන්දීය ජාතික රැඳවියෙකු ද සිටින බව ඉන්දීය මාධ්‍ය ආයතන විසින් වාර්තා කර තිබේ.

මෙම ඛේදජනක සිදුවීමෙන් ජීවිතක්ෂයට පත් වූවන් අතර බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙකු සහ රැඳවියන් 20 දෙනෙකු සිටින අතර, තවත් 100 කට අධික පිරිසක් විවිධ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් පුද්ගලයින් 19 දෙනෙකුම කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ බරපතළ තත්ත්වයෙන් පසුවෙති.

සඳු ගෝචරය වන අද දින මේ ලග්න හිමියන්ට දරුණු අනතුරු ඇගවීමක් - සුබ කටයුතු සියල්ල නවත්වන්න හරි යන්නෑ

සඳු ගෝචරය වන අද දින මේ ලග්න හිමියන්ට දරුණු අනතුරු ඇගවීමක් - සුබ කටයුතු සියල්ල නවත්වන්න හරි යන්නෑ

මියගිය ඉන්දීය ජාතිකයා සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති වුවද, ඔවුන් විසින් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත මේ පිළිබඳව වාචික සටහනක් යොමු කර ඇති අතර, ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් සහ කොමසාරිස් කාර්යාලයෙන් වැඩිදුර නිශ්චිත තොරතුරු ලබා ගැනීමට ඉන්දීය මාධ්‍ය ගත් උත්සාහයන් මෙතෙක් සාර්ථක වී නොමැත.

විදෙස් මාධ්‍ය විසින් මෙම සිදුවීම ශ්‍රී ලංකා බන්ධනාගාර ඉතිහාසයේ වාර්තා වූ බිහිසුණුම ගැටුමක් ලෙස හඳුන්වා දී ඇති අතර, පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ ආරක්ෂක පියවරක් ලෙස මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 1,200 කට ආසන්න පිරිසක් දිවයිනේ වෙනත් බන්ධනාගාර වෙත කඩිනමින් මාරු කර යැවීමට බලධාරීන් මේ වනවිට පියවර ගනිමින් සිටී.

දිවයිනේ පාලාත් කීපයකට වැසි ලැබෙද්දී සෙසු ප්‍රදේශවල කාලගුණය වෙනස් වේ

දිවයිනේ පාලාත් කීපයකට වැසි ලැබෙද්දී සෙසු ප්‍රදේශවල කාලගුණය වෙනස් වේ