නැවතත් ඉන්ධන මිල ගණන් සංශෝධනය වේ - වැඩි වූ අගයන් මෙන්න
අමෙරිකාව සහ ඉරානය අතර පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ යළි ප්‍රහාර ආරම්භ වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව අද (09) උදෑසන 6.00 වන විට ලැබුණු නවතම වාර්තාවලට අනුව, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 74.28 ක් දක්වා සියයට 1.03 කින් ඉහළ ගොස් ඇති අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිලද සියයට 1.01 ක වර්ධනයක් පෙන්නුම් කරමින් අමෙරිකානු ඩොලර් 78.81 ක් දක්වා වැඩි වී ඇත.
මේ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මර්බන් බොරතෙල් බැරලයක මිලෙහි කැපී පෙනෙන ශීඝ්‍ර වර්ධනයක් වාර්තා වන අතර, එය සියයට 6.67 ක දැවැන්ත ඉහළ යාමක් සනිටුහන් කරමින් අමෙරිකානු ඩොලර් 73.57 ක් ලෙස සටහන්ව තිබේ.