පැය 3කට ආසන්නව හෝටල් ලොබියේ බිම කල්ගෙවූ අපේ සිංහයෝ (PHOTOS)
By Sewvandhi
ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟාවලිය වෙනුවෙන් සිම්බාබ්වේ බලා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සිදු වූ අකරතැබ්බයක් වාර්තා වෙනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වෙන තොරතුරු වලට අනුව ඔවුනට අදාළ හෝටලයේ කාමර සූදානම් වීමට තරමක් වෙලා ගොස් ඇති බවයි පැවසෙන්නේ.
එමෙන්ම, වසර විස්සකට පසු පලමු වතාවට ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන්ට තම කාමර බෙදා ගැනීමටද සිදුව ඇති බව වාර්තා වනවා.


