මෙරට කාන්තා ක්‍රිකට් අලුත් වෙයි.. වෙන්න යන නවතම වෙනස මෙන්න....
By Sithumi
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව සහාය පුහුණුකරුවා ලෙස තරිඳු පෙරේරාව පත්කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ බව නිවේදනය කර ඇති අතර ඒ මහතාගේ පත්වීම ජූලි 01 වනදා සිට වසර දෙකක කාලයක් සඳහා වලංගු වී තිබෙනවා.
එංගලන්ත ක්‍රිකට් ආයතනයේ සිව්වැනි අදියරයේ විශේෂඥ පුහුණුකරුවෙකු ලෙස පත්වීම් ලබාසිටින තරිඳු එරට ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන වොර්ක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමග කටයුතු කර තිබෙනවා.
ඊට අමතරව ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් සහ වෙස්ඩ් එන්ඩ් රෙඩ් බැක්ස් ඇතුළු තවත් ක්‍රීඩා සමාජ ගණනාවකම තරිඳු පුහුණුකරුවකු ලෙස කටයුතු කොට අත්දැකීම් ලබා තිබෙන අතර ඔහු පන්දුවට පහරදීම මෙන්ම දඟපන්දු යැවීම පිළිබඳ සහාය පුහුණුකරුවකු ලෙස කටයුතු කර තිබෙනවා.