ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන අධිකරණයට විශේෂ දැනුම්දීමක්..

Sri Lanka Cricket Sri Lanka
By Sewvandhi Dec 05, 2022 07:53 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගැන  අධිකරණයට  විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.එනම් ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් සැකසීමට පියවර ගන්නා බව අභියාචනාධිකරණය හමුවේ ඇමති කියා සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඇතුළු පිරිසක් ගොනුකළ පෙත්සමත් කැඳවනු ලැබූ අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා එම දැනුම්දීම සිදුකළේය. අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් මහතා ඉදිරියේ එම පෙත්සම කැඳවනු ලැබීය.

එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා තාක්ෂණික කමිටුවකින් උපදෙස් ලබා ගන්නා බවය.

නව ක්‍රිකට් ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට සමගාමීව ක්‍රීඩා පනත හා ඊට අදාළ ක්‍රීඩා රෙගුලාසි ද සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බවත් අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා දන්වා සිටියේය.

නීතිපතිවරයා ලබාදුන් උපදෙස් මත එම කටයුතු සිදුවන බවද ඔහු කියා සිටියේය. අනතුරුව පෙත්සම පෙබරවාරි මස 28 වනදා කැඳවීමට ද නියම වුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha