පන්දුවාර 20 යි 20 ශ්‍රී ලංකා තීරණාත්මක තරඟය අද පටන් ගන්නෙ මෙහෙමයි..

Cricket Sri Lanka
By Aruna Oct 18, 2021 02:08 AM GMT
Aruna

Aruna

Report

මෙවර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු පෙරළිය සිදු කිරීමට ස්කොට්ලන්ත කණ්ඩායම ඊයේ රාත්‍රීයේ සමත්වුණා.

ඒ, බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 06 කින් ජය ගනිමින්.

ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරගය ඊ කාණ්ඩය යටතේ පැවැත්වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුළු 09 ක් දැවී ලකුණු 140 ක් රැස් කළා.

ක්‍රිස් ග්‍රීව්ස්, පන්දු 28 කදී ලකුණු 45 යි.

පන්දු යැවීමේදී මෙහෙදි හසන්, ලකුණු 19 කට කඩුළු 03 ක් දවා ගත්තා.

ශකීබ් අල් හසන් සහ මස්ටෆි සූර් රෙහෙමාන්, කඩුළු 02 බැගින් දවා ගැනීමට සමත්වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 දී කඩුළු 07 ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 134 ක් පමණයි.

අවසන් පන්දුවාරයේදී බංග්ලාදේශ කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා ලකුණු 24 ක් ලබාගත යුතුව තිබුණා.

කෙසේවෙතත් ඔවුන්ට එම පන්දු වාරයේදී ලබාගත හැකිවූයේ ලකුණු 17 ක් පමණයි.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මුෂ්ෆිකර් රහීම්, ලකුණු 38 ක් සහ නායක මහමුදුල්ලා ලකුණු 23 ක් රැස් කළා.

පන්දු යැවීමේදී ස්කොට්ලන්තයේ බ්‍රැඩ්වීල් ලකුණු 24 කට කඩුළු 03 ක් දවා ගැනීමට සමත්වුණා.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම 20 යි 20 තරග පිටියේ ස්කොට්ලන්ත කණ්ඩායම සමග පැවැති තරග 02 ම මේවනවිට පරාජයට පත්ව තිබෙනවා.

මේ අතර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ සහභාගී වන පළමු තරගය අබුඩාබි හිදී අද පැවැත්වෙනවා.

ඒ, නැමීබියා කණ්ඩායමට එරෙහිවයි.

A කාණ්ඩය යටතේ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 07 යි 30 ට ආරම්භ වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha