රටටම සුබම සුබ ආරංචියක්..සෞඛ්‍ය අංශයෙන් දැනුම් දීමක්..

Corona China Sri Lanka Covid vaccines Hemantha herath
By Aruna Sep 20, 2021 06:06 AM GMT
Aruna

Aruna

Report

කොරෝනා ආසාදිතයන් සහ කොරෝනා මරණ සංඛ්‍යාවේ පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ කියාසිටියි.

කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් ප්‍රතිකාර ලැබූ රෝහල්වල මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ පසුගිය කාලයේ ප්‍රතිකාර ලැබූ සංඛ්‍යාවට වඩා බොහෝ අඩු සංඛ්‍යාවක් බවද ඔවුන් කියාසිටියි.

සංචරණ සීමා පැනවීම මෙන්ම එන්නත් එන්නත්කරණයත් ජනතාව ආරක්ෂාකාරී ලෙස කටයුතු කිරීමත් රෝගීන් අඩු වීමට හේතුවූ බවද වෛද්‍යවරුන්ගේ අදහස වී ඇත.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයා සඳහන් කරන්නේ පසුගිය කාලයේ කොරෝනා ආසාදිතයන් හයසීයක් පමණ ප්‍රතිකාර ලැබූවද දැනට එහි සිටින්නේ 150ක පමණ ආසාදිත ප්‍රමාණයක් බවයි.

මේ අතර කොළඹ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ ශ‍්‍රී ලංකාවට එන්නත් සැපයීමේ මෙහෙයුම සාර්ථකව අවසන් කල බවයි.

චීන එන්නත් මාත‍්‍රා මිලියන 26ක් ශ‍්‍රී ලංකාවට ලබා දි අවසන් බවද කොළඹ සිටින චීන තානාපතිවරයා සිය ට්විටර් ගිණුමේ සදහන් කර තිබේ.

Last four million doses of #Sinopharm #vaccine , final batch in the SPC contract, have arrived at Colombo this morning. Missions accomplished. Total amount of ?? vaccines received by ?? has increased to 26 million, supporting more than 80% of #SriLanka‘s #VaccinationDrive. ?? pic.twitter.com/QbwPyZ9Ktr — Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now