ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකාව ලෝක බිත්තර දිනය සමරයි.

Ministry of Agriculture
By Wayomi Oct 13, 2022 08:43 AM GMT
Wayomi

Wayomi

Report

සෑම වසරකම ඔක්තෝබර් 14 වන දිනට ලෝක බිත්තර දිනය යෙදෙනවා.

1996 දී වියෙනා නුවර දී පළමු වරට බිත්තර සම්බන්ධව ජාත්‍යන්තර දිනයක් වෙන් කළ යුතුයැයි IEC – International Egg Conference හි දී තීරණය කරනු ලැබුවා.

ඒ අනුව එතැන් පටන් ලෝකයේ සෑම රටක්ම පාහේ සෑම වසරකම ඔක්තෝබර් මාසයේ දී ලෝක බිත්තර දිනය සමරනු ලබනවා.

නමුත් මේ වන තුරු ශ්‍රී ලංකාවේ කිසිදු අවස්ථාවක මෙම දිනය සැමරීම සඳහා වැඩ සටහන් සංවිධානය කර නැහැ.

කෙසේ වෙතත් ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකාව ලෝක බිත්තර දිනය සැමරීමට සූදානම් වෙනවා.

ඒ අනුව එම දිනය සමරමින් ගැබිණි මව්වරුන් 500කට පෝෂණ මල්ලක් බැගින් ප්‍රදානය කිරීම හෙට අඟුණකොළපෑලැස්ස පුරහලේ දී සිදු කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW