බස් ගාස්තුත් ඉහළට.. ? (VIDEO)

Minister of Transport bus fares sri lanka sinhala news today trending news Mr.Dilum Amunugama private bus owners
By krishani Apr 19, 2022 07:41 AM GMT
krishani

krishani

Report

බස් ගාස්තු වැඩිකිරීමට සිදුවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක බස් හිමියන් අද (19) විරෝධතා පැවැත්වූ අතර සමහර ප්‍රදේශ වල පෞද්ගලික බස් රථ ධාවනය පහළ ගොස් ඇති බව අප වාර්තාකරුවන් පැවසීය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය අමුණුගම මහතා පවසන්නේ බස් ගාස්තු සම්බන්ධයෙන් තීරණය අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව නිවේදනය කරන බවය.

එමෙන්ම ඊයේ මධ්‍යම රාත්‍රීයේ දී ඉන්ධන මිල ඉහළ යෑම ගැන බස් හිමියන් ආණ්ඩුවට දැඩි විරෝධයක් එල්ල කරන අතර තව දුරටත් බස් හිමියන් පවසන්නේ වාර්ෂික බස් ගාස්තු සහ ඉන්ධන මිල ඉහල යෑම යන කාරණා දෙකම එකතු කොටගෙන බස් ගාස්තූ 40% කින් සංශෝධනය කළ යුතු බවයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join