හදිසියේම නීතිඥ සංගමයෙන් නිවේදනයක් - මෙන්න එම නිවේදනය..

Sri Lankan protests Sri Lanka SL Protest Bar Association of Sri Lanka
By krishani Apr 25, 2022 03:04 AM GMT
krishani

krishani

Report

කොළඹ අවට ඇතැම් මාර්ග බාධකවල තියුණු උල් සවිකර කළු ඉටිකොළවලින් ආවරණය කර තැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ අවදානය යොමුව තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අවධාරණය කර ඇත්තේ පොලිස්පති, පොලීසිය සහ සන්නද්ධ හමුදා ඕනෑම තත්ත්වයක දී ක්‍රියාකළ යුතු වන්නේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට බවය.

එමෙන්ම සාමකාමී උද්ඝෝෂණ සිදුකිරීමේ අයිතිය මෙන්ම නිදහසේ ගමන් කිරිමේ පුරවැසි අයිතිය තහවුරු කිරීම ද ඔවුන්ගේ වගකීමක් බව නීතිඥ සංගමය පෙන්වාදෙයි.

යම් කිසිහෙයකින් ප්‍රචණ්ඩකාරි වාතාවරණයක් ඇති වුවහොත් එය රටට දරුණු ප්‍රතිවිපාක අත්කරදීමට තුඩුදිය හැකි බවද එම සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

මේ අතර, අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කර තිබු පාගමනට බාධා පැමිණ වීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

ඒ අනුව නිලධාරීන් තිදෙනෙකු ඒ සඳහා පත් කර ඇති බව ඔවුන් සඳහන් කළේය. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඊයේ (24) දිනයේ දී දැවැන්ත පාගමනක් සංවිධානය කර තිබු අතර ඔවුන්ගේ ගමන වැළැක්වීම සඳහා කොළඹට ඇතුළු වන ස්ථාන කිහිපයක මාර්ග බාධක යොදා අවහිර කර තිබුණි.

එමෙන්ම ඇතැම් ස්ථානවල මාර්ග බාධකවලට තියුණු උල් සවිකර තිබු සවිකර තිබු බව සඳහන්ය. මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවේ දැඩි අවදානය යොමුව ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join