හිටපු අමාත්‍ය මහින්දානන්දගේ ආධාරකරුවන් නාවලපිටියේදී ගැටෙයි.. දෙදෙනෙකු රෝහලේ.. උණුසුම් තත්ත්වයක්.. (PHOTOS)

attack protest sri lanka sinhala news today trending news slprotest
By krishani Apr 17, 2022 06:38 AM GMT
krishani

krishani

Report

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ආධාරකරුවන් බව පැවසෙන දෙපිරිසක් අතර ඇති වූ බව කියන ගැටුමකින් තුවාල ලැබු තරුණයන් දෙදෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පවසනවා.

නාවලපිටිය නගර සභාවේ සභාපති අමල් ප්‍රියංකර මහතාට අයත් නාවලපිටිය හයින්පොඩ් ප්‍රදේශයේ පිහිටි හෝටලයක ඉකුත් (15) දින පස්වරුවේ සිංහල හින්දු අලුත් අවුරුදු සාදයක් පවත්වා ඇති අතර, එම සාදයට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහභාගී වී තිබෙනවා.

ගැටුමට ප්‍රථම මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම හෝටල් පරිශ්‍රයෙන් පිටව ගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ ඉන් අනතුරුව තවදුරටත් සාදය පවත්වා ඇති අතර, එම සාදයට රජයට එරෙහිව පැවැත්වෙන උද්ඝෝෂණයට සහයෝගය දැක් වූ අයෙකු සහභාගී වීමත් සමග දෙපාර්ශවය අතර ගැටුමක් හටගෙන තිබෙනවා.

ගැටුමෙන් තරුණයන් දෙදෙනෙකුට තුවාල සිදු වී ඇති අතර, එම තරුණයන් දෙදෙනා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කෙරුණු බවයි පොලිසිය කියා සිටියේ.

ඉන් අනතුරුව එම තරුණයන්ගේ ඥාතින් තරුණයන් දෙදෙනාට පහර දුන් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කර තිබෙනවා.

පහර දුන්නේ යැයි කියන සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන්  නාවලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හරෙන්ද්‍ර කළුගම්පිටිය කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ෂණයක් ආරම්භ කර ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join


GalleryGalleryGalleryGalleryGallery