යුධ හමුදාවේ ප්‍රබලයකු හදිසියේම මියයයි..(PHOTOS)

By Aruna Sep 22, 2022 11:12 PM GMT
Report

යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරියෙකු ලෙස කටයුතු කල ලුතිනන් කර්නල් ප්‍රජාත් විජේසිංහ මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී ඇති බව වාර්ථා වනවා.

ප්‍රජාත් විජේසිංහ ලෙසින් වඩාත් ප්‍රචලිතව සිටි 7 වන ගජබා රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් කේ.පී.එම් ද ඒ විජේසිංහ මියයන විට 54 හැවිරිදි වියේ පසුවුනා.

ඔහු හදිසියේ අභාවප්‍රාප්ත වන විට කලාඔය යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි I (පරිපාලක) ලෙස සේවය කරමින් සිටියා.

ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ඔහු යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාන්‍ය මාණ්ඩලික නිලධාරි II (පරිපාලක), හා 11 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලෙස සේවය කළ අතර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බළකායේ මාධ්‍ය නිලධාරී කාර්යාලය ඇතුළු තවත් ප්‍රධාන තනතුරු කිහිපයක කටයුතු කල නිලධාරියෙක්.

ලුතිනන් කර්නල් ප්‍රජාත් විජේසිංහ ගේ අවසන් කටයුතු නුදුරේදීම දැනුම් දෙනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery