පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කෙරේ

By Sithumi Oct 28, 2022 02:15 PM GMT
Report

ත්‍රිවිධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව ආරක්‍ෂක අමාත්‍යංශය විසින් දැනුම්දෙන්නේ 2022.11.15 දින සිට 2022.12.31 දින දක්වා එම පොදු සමාකාලයක් ක්‍රියාත්මක බවය.

මෙම පොදු සමාකාලය 2022.10.25 දින හෝ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ අයවළුන් සඳහා පමණක් වලංගු වන අතර ඔවුන් වෙතින් අයවිය යුතු යම් මුදලක් වේ නම් පමණක් නීත්‍යානුකූලව ඉවත්වීමට පෙර එම මුදල් ගෙවීමට කටයුතු කළ යුතුය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now