මේ බදු මුදල් නොගෙවූ අයට වැඩ වරදියි
නාවලපිටිය නගරයේ පිහිටි සුපිරි වෙළදසංකීර්ණයේ බදු මුදල් නොගෙවූ වෙළදසැල් 15ක් මුද්‍රා තබා එම වෙළදසැල් නගර සභාවට පවරා ගැනිමට මධ්‍යම පළාත් ආදායම් පරික්ෂාකවරුන්ගේ සංගමය අද (07) දින පියවර ගෙන ඇත.
ඒ අනුව 2010 වසරේ මහින්ද චින්තන වැඩ පිළිවෙළ යටතේ ඉදි කරන ලද එම වෙළද සංකීර්ණය කඩ කාමර 187කින් සමන්විත බව සඳහන්. අඳාළ කඩ කාමර නගර සභාව මඟින් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට මාසික රු.1000ක කුලී පදනම මත ලබා දී තිබුණු බව වාර්තා වේ.
එහෙත් 2018 වසරේ මධ්‍යම පළාත් තක්සේරු දෙපාර්තමේන්තුව මඟින් තක්සේරු කිරිමෙදි එක් වෙළදසැලකට ගෙවන මුදලට වඩා රු.8000ක් තක්සේරු කර තිබිම හේතුවෙන් එම සුපිරි වෙළදසංකිර්ණයේ වෙළෙදුන් අඳාළ තක්සේරු මුදල වැඩි බව කියමින් නගර සභාව වෙත හිඟ බදු මුදල් ගෙවීම පැහැර හැර ඇත.
එම වෙළදසංකීර්ණයේ ව්‍යාපාරිකයන් විසින් බදු මුදල සම්බන්ධයෙන් කොළඹ වාණිජ මහා අධිකරණය හමුවේ නඩු පවරා තබූ අතර එහිදි හිඟ බදු මුදල් නගර සභාව වෙත ගෙවන මෙන් නියෝග කරමින් අඳාළ නඩුව නිෂ්ප්‍රභා කිරිමට වාණිජ මහ අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා එවකට නියෝග කර ඇත.
ඒ අනුව නගර සභාව වෙත ගෙවිය යුතු රු.ලක්ෂ 150ක පමණ හිඟ බදු මුදල් නගර සභාව වෙත ගෙවන ලෙස නගර සභාව මඟින් අවස්ථා කිහිපයකදීම වෙළෙදුන්ට දැනුම් දි තිබුණද එම මුදල තවදුරටත් ගෙවීම මගහැර සිටිම හමුවේ මධ්‍යම පළාත් ලේකම්තුමියගේ නියෝගයක් මත මෙම වෙළදසැල් මුද්‍රා තබා වසා දැමීමට පියවර ගෙන ඇති බව සඳහන්.
අඳාළ වෙළදසැල් මුද්‍රා තබන විට ඇතැම් ව්‍යාපාරිකයන් පිරිසක් හිඟ මුදල් ලෙස රු.ලක්ෂ 100ක පමණ හිඟ බදු මුදල් ගෙවු බවත්, එසේ ගෙවීමට අපොහොසත් වූ ව්‍යාපාරික ස්ථාන 15ක් මුද්‍රා තබා නගර සභාවට එම වෙළදසැල් කටයුතු කළ බවත් මධ්‍යම පළාත් සභාවේ ආදායම් පරික්ෂක ආර්.එම්. රත්නායක මහතා පවසයි.
මේ අතර මෙම වෙළදසැල් මුද්‍රා තබා වසා දැමීමට නාවලපිටිය පොලිසියේ නිලධාරින්ගේ ද සහයෝගය ලබා ගෙන ඇත.