ආපදා දීමනා ගන්න එනවා නම් මේවා දැනන් එන්න - මාර්ගෝපදේශයක් නිකුත් කරයි

Report

ආපදා බලපෑම හේතුවෙන් හානි වූ නිවාස ඉදිකිරීම සහ නායයෑම් අධි අවධානම් නිවාස සඳහා දීමනා ගෙවීම වෙනුවෙන් මාර්ගෝපදේශ නිකුත් කර ඇත.

ඒ අනුව ''දිට්වා සුළි කුණාටුව'' නිසා පැන නැඟුණු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල බිඳ වැටී ඇති ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට, 2025-12-05 දිනැති අයවැය චක්‍රලේඛ අංක 08/2025 සහ 2025-12-20 දිනැති අයවැය චක්‍රලේඛ අංක 08/2025 (i) මඟින් යෝජිත සවිබල ගැන්වීමේ වැඩසටහනෙහි දක්වා තිබෙන නිවාස හානි සඳහා දීමනා ලබාදීමේ වැඩසටහන වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කිරීමට අඳාළ උපදෙස් සහ පැහැදිලි කිරීම් ලබා දීම සඳහා මෙම මාර්ගෝපදේශය නිකුත් කළ බව වාර්තා වේ.

එබැවින් 2025 නොවැම්බර් මස 21 වන දින සිට පැවැති ආපදා තත්ත්වය හා පසු ආපදා තත්ත්වය නිසා 2025 දෙසැම්බර් 31 දින දක්වා සිදු වූ නිවාස හානි මේ සඳහා අදාළ බව සඳහන්.

ආපදාවට ලක්වූවන්ට මේ සතියේ අලුත් නිවසක් - රු. 25,000 දීමනාව පිළිබදවත් තොරතුරු

ආපදාවට ලක්වූවන්ට මේ සතියේ අලුත් නිවසක් - රු. 25,000 දීමනාව පිළිබදවත් තොරතුරු

තවද මෙම දීමනා ගෙවීමේ දී අවශ්‍ය කරන ලේඛන ආපදාව නිසා විනාශ වී ඇත්නම් එම ලේඛන නොමිලේ ලබාදීමට ප්‍රාදේශීය ලේකම් විසින් සුදුසු වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ද පවසයි.

ඊට අමතරව ලේඛන පිළිබඳ මතුවන ගැටලුවලදී, ග්‍රාමීය ආපදා කළමනාකරණ හා සහන සේවා කමිටුව නිර්දේශ මත, ප්‍රාදේශීය ආපදා කළමනාකරණ හා සහන සේවා කමිටුව මඟින් එම ලේඛනවල සහතික කළ පිටපත් හෝ වෙනත් තහවුරු කරගත හැකි ලේඛන අනුව හෝ ලේඛන පසුව ලබාදීමේ පදනම මත ගෙවීම් කළ යුතු බව අඳාළ මාර්ගෝපදේශවල දැක්වේ.

එමෙන්ම ආපදා සහන සැලසීම සඳහා සම්බන්ධ වන ආයතනවල කාර්යභාරය ද විස්තරාත්මකව එහි සඳහන් වේ.

ඒ අනුව මෙම මාර්ගෝපදේශය මඟින් ආවරණය වන දීමනා හා සහන ලබාදීමේ දී 2025-01-21 දිනැති ආපදා සහන සේවා මාර්ගෝපදේශ අංක 01/2025 හි 2.1 යටතේ ග්‍රාමීය ආපදා කළමනාකරණ හා සහන සේවා කමිටුවෙහි නිලධාරීන්ට හා ප්‍රාදේශීය ලේකම් වෙත සහාය පිණිස පවතින සංයුතියට අමතරව පහත නිලධාරීන්ට ද වගකීම් පවරා දී තිබෙනවා.

ඉදිරියේදී එය නීතියක් බවට සම්මත කරනවා සම්මත වුණාට පස්සේ එතැන් සිට කිසිම අයෙකුට එම විශ්‍රාම වැටුප හිමි වෙන්නේ නැහැ - හර්ෂණ

ඉදිරියේදී එය නීතියක් බවට සම්මත කරනවා සම්මත වුණාට පස්සේ එතැන් සිට කිසිම අයෙකුට එම විශ්‍රාම වැටුප හිමි වෙන්නේ නැහැ - හර්ෂණ

එනම්,

පරිපාලන ග්‍රාම නිලධාරි

ඉඩම් නිලධාරී

ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරි

නිවාස සංවර්ධන අධිකාරිය නියෝජිත

සමෘද්ධි නිලධාරි

නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජිත

නිවාස නිලධාරි

අනෙකුත් ක්ෂේත්‍ර නිලධාරීන්  

අනිද්දට රටට වෙන්න යන්නේ මේකයි - විශේෂ නිවේදනයක්

අනිද්දට රටට වෙන්න යන්නේ මේකයි - විශේෂ නිවේදනයක්