මාරාන්තික ලෙඩක් හිස ඔසවයි - ජනතාව ප්‍රවේශම් වන්න
මෙම වසරේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානම ඉකුත් 2025 වසරට සාපේක්ෂව වැඩි වනු ඇති බවට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. එම වාර්තාවලට අනුව පසුගිය වසරේ ජනවාරි මාසයට ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ 4,931 ක් වුවත් මෙම වසරේ ගත වූ දින 6ට පමණක් ඩෙංගු රෝගීන් 1,598 ක් වාර්තා වී ඇත.
දිට්වා සුළි කුණාටුව සහ පවතින වැසි තත්ත්වය මේ සඳහා හේතුව බව වාර්තා වේ. රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් "නිකසල පුරයක් - සුවබර දිවියක් " නමින් ක්‍රියාත්මක පසු ආපදා පවිත්‍රතා සහ ඩෙංගු මර්දන තෙදින ජාතික වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවැත්වීමට නියමිතව ඇත.
ඒ අනුව ජාතික ඩෙංගු මර්දන ඒකකය හා ශ්‍රී ලංකා පොලීසියේ පරිසර ආරක්ෂණ කොට්ඨාසය ඒකාබද්ධව අධ්‍යාපන, ආරක්ෂක, පරිසර යන අමාත්‍යාංශයන්ගේ දායකත්වය මත පළාත් පාලන ආයතන මට්ටමින් අද (07) හෙට සහ අනිද්දා දිවයිනම ආවරණය වන පරිදි වැඩසටහන පැවැත්වෙනු ඇත.