අද තරගයේ කාසියේ වාසිය පාකිස්තානය දිනා ගනියි

Report

ශ්‍රී ලංකාව හා සංචාරක පාකිස්තානය අතර තරග 3කින් යුත් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (7) දින පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන නායක සල්මාන් අගා සමත් ව තිබුණා.

ඒ අනුව ඔහු පළමුව පන්දුවට පහරදීමට නායක දසුන් ශානකට ආරාධනා කර ඇත.

මෙම තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත් වෙන අතර අද තරගය සඳහා හිටපු නායක චරිත් අසලංක මෙන්ම ධනංජය ද සිල්වා කැඳවා ඇත.

ධනංජය ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමට පැමිණ ඇත්තේ 2014 වසරේ ජූනි මස විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව වීම සුවිශේෂී වේ.

ශ්‍රී ලංකා - පාකිස්තාන පළමු විස්සයි20 තරගය අද

ශ්‍රී ලංකා - පාකිස්තාන පළමු විස්සයි20 තරගය අද

වික්‍රම් රතෝර් ශ්‍රී ලංකා විස්සයි20 පිතිකරණ පුහුණුකරු ලෙස පත්වීමට සූදානම්

වික්‍රම් රතෝර් ශ්‍රී ලංකා විස්සයි20 පිතිකරණ පුහුණුකරු ලෙස පත්වීමට සූදානම්