තවත් මාලිමා ලොක්කෙක්ගේ කැබ්රථයක ගැටී දරුණු අනතුරක් - කකුලක් කැඩෙයි - රියදුරු අත්අඩංගුවට

Report

රන්න, වාඩිගල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. ඒ අනුව මෙම සිදුවීම සිදුව ඇත්තේ තංගල්ල නගර සභාවේ සභාපති පී. පී. ජී. නන්දසිරි මහතා ගමන් ගත් කැබ් රථය සහ යතුරුපැදියක් ගැටීමෙන්.

අඳාළ අනතුර හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංවිධානය කර තිබූ ඩෙංගු මර්දන වැඩසටහනකට සහභාගී වීමට සභාපතිවරයා ගමන් කරමින් සිටියදී සිදුව තිබෙනවා.

එමෙන්ම කැබ් රථය ඉදිරියෙන් කුඩා යතුරුපැදියක් එකවරම මාර්ගය හරහා ධාවනය කිරීම ගැටීමට හේතුවී ඇති බව සඳහන්.

බිහිසුණු අනතුරක් - ග්‍රෙගරි වැවට ප්ලේන් එකක් කඩන් වැටිලා

බිහිසුණු අනතුරක් - ග්‍රෙගරි වැවට ප්ලේන් එකක් කඩන් වැටිලා

එහිදී රථය පදවා ඇත්තේ සභාපතිවරයාගේ පෞද්ගලික රියදුරු විසින් බව වාර්තා වේ.

මේ අතර අනතුරෙන් තුවාල ලැබුවේ රන්න, අලුපැලැනේ පදිංචි එස්. එච්. නන්දාවතී නමැති කාන්තාවක්. ඇය මේ වන විට තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ දකුණු කකුල බිඳී ගොස් ඇති බවට රෝහල් ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු හුංගම පොලිසියේ රථවාහන අංශය මඟින් මෙහෙයව‍යි.

කොරියා යන්න වෙබ් අඩවියේ ලියාපදිංචි වෙලා ඉන්න අයට නරක ආරංචියක්

කොරියා යන්න වෙබ් අඩවියේ ලියාපදිංචි වෙලා ඉන්න අයට නරක ආරංචියක්

අනිද්දට රටට වෙන්න යන්නේ මේකයි - විශේෂ නිවේදනයක්

අනිද්දට රටට වෙන්න යන්නේ මේකයි - විශේෂ නිවේදනයක්