හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට නියෝගයක්
අද (7) දින කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් එළඹෙන 29 එම අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි සුජීව සේනසිංහට නියෝග කර තිබෙනවා.
ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට අයත් බව කියන රුපියල් කෝටි දහයක් පමණ වටිනා සුඛෝපභෝගී V8 වර්ගයේ මෝටර් රථය සම්බන්ධයෙන් මෝටර් රථ ආඥා පනත යටතේ රථවාහන අධිකරණය හමුවේ නඩු පවරා ඇති බැවින්.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේ V8 වර්ගයේ වාහනයක් එකලස් කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවරා ඇති නඩුව කැඳවූ අවස්ථාවේදීයි.
ලංකාවේ නමක් තියාගත්තු ක්‍රිකට් ක්‍රීඩකයෝ දෙන්නෙක් නිසා මම නම් දෙක කියන්නේ නැහැ හැබැයි ලැජ්ජයි කරන වැඩේ දැක්කහම - මුජිබර්
එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් නඩුව කැඳවූ අවස්ථාවේදී රථවාහන ආඥා පනත යටතේ රථවාහන අධිකරණය හමුවේ නඩු පවරා ඇති බව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දැනුම් දී තිබුණා.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදා හැර ඇති සුජීව සේනසිංහ මහතා විවෘත අධිකරණයේ පෙනී සිට ඇත.