දකුණු අප්‍රිකාව සමඟ T20 තරගාවලියේ පාවාදීමක්?ඉදිරි පැය 24 තුළ විශේෂ නිවේදනයක්.

Cricket Sri Lanka Namal Rajapakshe Sound African
By Aruna Sep 15, 2021 09:30 AM GMT
Aruna

Aruna

Report

ඊයේ අවසන් වුන ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස තරගාවලිය ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට තරග පාවාදීමේ චෝදනා එල්ල වී ඇති බව වාර්තා වෙනවා.

ලංකාවේ ක්‍රීඩා පුවත්පතක් වන The Morning Sports පුවත්පත Twitter පණිවිඩයක් තබමින් මේ බව වාර්තා කරනවා.

මුල් පෙළ පිතිකරුව්වෙක් සහ දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් මීට සම්බන්ද බවයි එම Twitter පණිවිඩයේ සදහන් වන්නේ.

දුර්වල ක්‍රීඩා රටාවක් තුළින් වත්මන් නවක කණ්ඩායම අස්ථාවර කිරීමට මොවුන් උත්සහා දරා ඇති බවයි The Morning Sports වාර්තා කරන්නේ.

මෙම ක්‍රීඩකයින්ට ක්‍රිකට් ආයතනය අවසන් නිවේදන නිකුත් කර තිබෙන බවත් එමෙන්ම ඉදිරි පැය 24 තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව රැස්වී මේ සම්බන්දව තීරණයක් ගැනීමටද නියමිත බවත් මාධ්‍ය වාර්තා පළවනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධව තහවුරු කළ තොරතුරු මෙතෙක් වෙත වාර්තා වී නොමැති අතර සමාජ මධ්‍ය තුළ කතාබහක් නිර්මාණය වී ඇති මෙම පුවත පිළිබඳව සත්‍ය තොරතුරු හැකි ඉක්මනින් අප ඔබවෙත ලබාදීමට සූදානම්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now