ශ්‍රී ලංකා එංගලන්ත අද තරඟයේ වෙන්න යන දේ මෙන්න.
ශ්‍රී ලංකාවට අද ජයගත යුතුම අභියෝගයක් ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමන තීරණය කරන හෙවත් ඔවුන් සහභාගි වන සිවුවැනි තරගය අදාළ කාණ්ඩයේ ප්‍රබලයන් වන එංගලන්තය සමගින් අද (01 වැනිදා) රාත්‍රී 7.30ට සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
සහභාගි වූ තරග තුනම ජයගෙන 3.948ක ඉහළ ශුද්ධ ලකුණු වේගයක් රඳවාගෙන සිටින එංගලන්තය අද තරගය ජයගතහොත් අවසන් පූර්ව වටයේ ස්ථාන දිනා ගැනීමේ අවස්ථාව ඔවුන්ට පහසුවෙන්ම උදාවනු ඇත.
පෙරේදා (30 වැනිදා) දකුණු අප්‍රිකාව සමග පැවැති තරගයේ තියුණු සටනකින් අනතුරුව කඩුලු 04ක පරාජයකට මුහුණ පෑමත් සමග ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීම තරමක අභියෝගයක් වී තිබේ.
යම් හෙයකින් අදාළ තරගය ශ්‍රී ලංකාව ජයගත්තේනම් දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාවට ඉහළින් පළමු කාණ්ඩයේ දෙවැනි ස්ථානය දක්වා පැමිණීමට ශ්‍රී ලංකාවට අවස්ථාව පැවතිණි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයේ ස්ථාන දිනා ගැනීමටනම් අද එංගලන්තය සමග තරගය සහ ලබන 04 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් සමග අබුඩාබිහි පැවැත්වෙන තරග හෙවත් ඉතිරි තරග දෙකම ඉහළ ශුද්ධ ලකුණු වේගයකින් ජය ගැනීම අනිවාර්ය වී තිබේ.
එක් අන්තයකින් ශ්‍රී ලංකාව එසේ ජය ගන්නා අතරවාරයේදී අනෙක් පසින් දකුණු අප්‍රිකාව බංග්ලාදේශය සහ එංගලන්තය සමග පැවැත්වෙන තරග දෙක පරාජය විය යුතු අතර, බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් සමග පැවැත්වෙන තරග ඔස්ට්‍රේලියාවත් පරාජය විය යුතුය.
එම තරග අතුරින් ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව එක් තරගය බැගින් ජයගෙන ශ්‍රී ලංකාව අදාළ තරග දෙකම ජයගතහොත් ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය මත අවසන් පූර්ව වටයේ කණ්ඩායම් තීරණය වනු ඇත.
දෙරටේ පන්දුවාර 20 හමු වීම ශ්‍රී ලංකාව සහ එංගලන්තය විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ මීට පෙර එකිනෙකා 12 වතාවක් හමු වී තිබේ.
එයින් එංගලන්තය තරග 8ක් ජයගන්නා අතරවාරයේදී ශ්‍රී ලංකාවට ජයගත හැකිව ඇත්තේ තරග 4 ක් පමණි.
කෙසේ නමුත් දෙරට අතර ඉකුත් ජුනි මාසයේ පැවැති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියද ඇතුළුව අවසන් වරට පැවැති තරග 06කම ජය හිමිව ඇත්තේ එංගලන්තයටය.
අදාළ තරග අතුරින් මෙම කණ්ඩායම් අද ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී එකිනෙකා හමු වන්නේ පස්වැනි වතාවටය.
එයින් 2010 බටහිර ඉන්දීය කොදෙව්හි, 2014 බංග්ලාදේශයෙහි සහ 2016 වසරේ ඉන්දියාවේ පැවැති ලෝක කුසලාන තරගාවලියන්හිදී පැවැති තරග එංගලන්තය ජයගෙන තිබෙන අතර ශ්‍රී ලංකාවට ජයගැනීමට හැකිව තිබුණේ 2012 වසරේ ශ්‍රී ලංකාවේ සත්කාකරත්වයෙන් පැවැති තරගාවලියේ තරගය පමණි.
ශ්‍රී ලංකා පුහුණුව සහ සංචිතය පෙරේදා (30 වැනිදා) දකුණු අප්‍රිකාව සමග පැවැති තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (31 වැනිදා) පුහුණුවීම් නොතිබුණි.
දකුණු අප්‍රිකාව සමග පැවැති තරගයේ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයේදී එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිත බව ඊයේ (31 වැනිදා) පස්වරුව වන විට අනාවරණය වූයේය.
අද තරගයේ සැලසුම මෙවර ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත කණ්ඩායම ඉතා හොඳින් ලකුණු රැස්කිරීම සිදු කර තිබෙන බැවින් පවර්ප්ලේ අවස්ථාවේදී ඔවුන්ට පීඩනය යොමු කරමින් කඩුලු ලබා ගත යුතු බව යොවුන් ක්‍රීඩක මහීෂ් තීක්ෂණගේ අදහසයි.
ඔහු මේ බව ඊයේ (31 වැනිදා) පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් කියා සිටියේය. මේ අතර ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් සමගින් මාධ්‍ය හමුවකට එක් වූ පැතුම් නිශ්ශංක කියා සිටියේ පවර්ප්ලේ අවස්ථාවේදී කුසල් සමග එක්ව හැකි තරම් ලකුණු රැස් කරන්න උත්සාහ දරන බවයි.
එමෙන්ම දකුණු අප්‍රිකාව සමග පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 160ක් පමණ රැස් කිරීමේ සැලසුමකින් පිටියට පිවිසි බවටද පැතුම් පැවසීය.
එසේම එම තරගයේ තීරණාත්මක අවසන් පන්දුවාරය යැවීම ළහිරු කුමාරට භාරදීම ද ඔහු විසින් සාධාරණීකරණය කරන ලදී. සිය පන්දුවාර 03 ලකුණු 17ක් තුළ අවසන් කර තිබියදී ඒ මොහොතේ ශ්‍රී ලංකා පිලේ අවසන් පන්දුවාරය යැවීමට සුදුසුම පන්දු යවන්නා ළහිරු කුමාර වූ බව පැතුම් පැවසීය.
‘දකුණු අප්‍රිකා තරගය පරාජය වීම ගැන කණ්ඩායමම කනගාටුවෙන් ඉන්නේ.
නමුත් ක්‍රිකට් කියන්නේ ඕක තමයි. බංග්ලාදේශය සමග පැවැති තණතීරුවට වඩා දකුණු අප්‍රිකාව සමග පැවැති තරගයේ තණතීරුව තරමක් වෙනස් එකක්.
ඒ නිසා තමයි අවසන් පන්දුවාරය දක්වා තරගය ගියේ’ යැයි පැතුම් වැඩිදුරටත් කීවේය.
එංගලන්තයේ සැලසුම මෙවර ලෝක කුසලානය පිළිබඳ කෙරුණු පුරෝකථනයන්ට අනුව ශූරයන් වීමේ ඉහළම සම්භාවිතාවකට හිමිකම් කියනුයේ එංගලන්තයය.
එම පුරෝකථනයන්හි යම් සත්‍යතාවක් එක් කරමින් ඔවුන් සහභාගි වූ තරග තුනම මේ වන විට ජයගෙන ඇත.
ශ්‍රී ලංකාවට එරෙහි දත්තවලට අනුව වර්තමාන එංගලන්ත පිලේ හොඳම ප්‍රහාරයකයා වන්නේ ජෝස් බට්ලර්ය.
ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව මෙතෙක් සහභාගි වූ තරග 07කදී රැස්කරගෙන තිබෙන මුළු ලකුණු සංඛ්‍යාව 256කි.
එමෙන්ම පන්දු යවන්නන් අතරින් ක්‍රිස් ජොර්ඩන් ශ්‍රී ලංකාවට එරෙහිව තරග 08කදී කඩුලු 15ක් දවාගෙන ඇත.
පිටියේ තත්ත්වය සහ කාලගුණය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පින්නෙන් වන බලපෑම හේතුවෙන් දෙවනුවට පන්දුවට පහරදීම යෝග්‍ය වුවත්, සාජා පිටියේදී එම තත්ත්වය මධ්‍යස්ථ බවක් පෙන්නුම් කරයි.
බංග්ලාදේශය සහ පෙරේදා (30 වැනිදා) දකුණු අප්‍රිකාව සමග දිවා තරගයක් ලෙසින් පැවැතියද, සාජා ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය එංගලන්තය සමග පැවැත්වෙන අද තරගය වේ.
සුපුරුදු පරිදි සාජා ක්‍රීඩාංගණය අවට උෂ්ණාධික කාලගුණයක් පවතී. පස්වරු 1.00 වන විට සෙල්සියස් අංශක 35ක් වැනි උපරිම උෂ්ණත්වයක පැමිණෙන සාජාහි ප.ව. 7.00 වන විට එය සෙල්සියස් අංශක 30ක පමණ අගයක් ගනු ඇති බවට එරටේ කාලගුණ වාර්තා සඳහන් කර සිටී.
ශ්‍රී ලංකා සංචිතය පැතුම් නිශ්ශංක, කුසල් ජනිත පෙරේරා, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, ළහිරු කුමාර එංගලන්ත සංචිතය ජේසන් රෝයි, ජෝස් බට්ලර්, ඩේවිඩ් මලාන්, ජොනී බෙයාස්ටෝ, ඔයින් මෝර්ගන් (නායක), ලියාම් ලිවින්ග්ස්ටෝන්, මොයින් අලී, ක්‍රිස් වෝක්ස්, ක්‍රිස් ජොර්ඩන්, ආදිල් රෂිඩ්, ටයිමල් මිල්ස්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
