විස්සයි 20 ශ්‍රී ලංකා බංග්ලාදේශ තරඟයට අවසානයේ සිදු වූ දේ මෙන්න..

Sri Lanka Bangladesh T 20 cricket
By Aruna Oct 13, 2021 12:56 AM GMT
Report

ICC ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවූ පළමු පුහුණු තරගය බංග්ලාදේශ කණ්ඩායම සමග අබුඩාබි හිදී පැවැත්වුණා.

එහිදී බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 04 කින් පරාජය කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවා.

තරගයේ මුලින් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම සිය ඕවර් 20 අවසානයේදී කඩුලු 07ක් දැවී ලකුණු 147ක් රැස් කරනු ලැබුවා.

සොම්‍ය සර්කාර් ලකුණු 34ක් රැස් කරමින් බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුවා.

පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර 27/3, ලහිරු, මහිෂ, වනිදු සහ ශානක එක් කඩුල්ල බැගින් දවා ගනු ලැබුවා.

ජයග්‍රාහි ලකුණු 148ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර් 19ක් තුලදී කඩුලු 06ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගනු ලැබුවා.

එහිදී අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 50, චාමික කරුණාරත්න නොදැවී ලකුණු 19ක් රැස් කරනු ලැබුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now