ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු තරගාවලියට දින නියම වෙයි..ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්.

Report

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ මූලික වටයේ අවසන් අදියරේ තරගාවලියක් වන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ජනවාරි මස 29 වැනිදා ආරම්භ වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

මෙම තරග සංචාරයට ටෙස්ට් තරග දෙකකින් යුතු තරගාවලියක් සහ එක් එක්දින තරගයක් ඇතුළත් වනවා.

16 හැවිරිදි දැරියකට ඡායාරූපයක් පෙන්වා හෝටලයකට ගෙන ගොස් කරපු අපරාදය මාට්ටු වෙයි..

16 හැවිරිදි දැරියකට ඡායාරූපයක් පෙන්වා හෝටලයකට ගෙන ගොස් කරපු අපරාදය මාට්ටු වෙයි..


මෙම තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් තරග බලාපොරොත්තු සඳහා ශ්‍රී ලංකාවට අතිශයින්ම වැදගත් අතර තරගාවලිය ශ්‍රී ලංකා ටෙස්ට් බලකොටුව වශයෙන් සැලකෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

තරගාවලියේ පළමු තරගය ජනවාරි මස 29 වැනිදා සිට පෙබරවාරි මස දෙවැනිදා දක්වාත්, දෙවන තරගය පෙබරවාරි මස 6 වැනිදා සිට 10 වැනිදා දක්වාත් පැවැත්වෙනු ඇති බවයි දැනුම්දී ඇත්තේ.