පලස්තීනය වෙනුවෙන් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසන්නේ, පලස්තීන ප්‍රශ්නය සාමකාමීව විසඳා ගැනීම සහ ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ නිව්යෝර්ක් ප්‍රකාශනය අනුමත කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලද යෝජනාව ශ්‍රී ලංකාව පිළිගත් බවයි.
අමාත්‍යාංශය නිවේදනය කර පවසා ඇත්තේ,මෙහිදී වැදගත් මුලපිරීමේදී නායකත්වය දුන් සෞදි අරාබියට සහ ප්‍රංශයට අවංක කෘතඥතාව පළ කරන බවයි.
එහි සදහන් වෙන්නේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ සහ අදාළ එක්සත් ජාතීන්ගේ යෝජනාවල අරමුණු සහ මූලධර්මවලට අනුකූලව, පලස්තීන ජනතාවගේ රාජ්‍යත්වයට ඇති අහිමි කළ නොහැකි අයිතිය සඳහා ශ්‍රී ලංකාව සිය නොසැලෙන සහයෝගය නැවත තහවුරු කරන බවයි.