අනාගත සිංහයන්ගේ දක්ෂතා ලොවටම පෙන්වමින් ඇෆ්ගනිස්ථානයට එරෙහිව කඩුලු 6ක විශිෂ්ට ජයක් [VIDEO]
ආසියානු කුසලාන නැගී එන තරු (Asia Cup Rising Stars) එක්දින තරගාවලියේ ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සමඟ පැවැති දෙවැනි තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් විය.
කටාර්හි දෝහාහිදී ඊයේ (19) පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායමට පන්දුවාර 35.3කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 139ක් පමණි.
ඇෆ්ගනිස්තාන ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ දර්විෂ් රසූලි පන්දු 89කදී ලකුණු 80ක් ලබාගත්තේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් චාමික හීනටිගල කඩුලු 3ක් දවාගත් අතර, නිපුන් ධනංජය කඩුලු 2ක් බිඳහෙළීය. ජයග්‍රහණය සඳහා ලකුණු 140ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 21.4කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 144ක් ලබාගනිමින් තරගයේ ජය හිමිකර ගත්තේය.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ලසිත් කෲස්පුල්ලේ ලකුණු 40ක් සහ නිශාන් මධුෂ්ක ලකුණු 30ක් රැස් කළහ. පවන් රත්නායක සහ ජනිත ලියනගේ නොදැවී පන්දුවට පහරදෙමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. ඒ අනුව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම මෙම තරගය කඩුලු 6කින් ජයගත්තේ තවත් පන්දු 170ක් ඉතිරිව තිබියදීය.තරගයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.