ශ්‍රී ලංකාව ගැන යළි රතු එළියක්..

Sri Lanka Economy of Sri Lanka
By Aruna Jan 31, 2023 12:22 AM GMT
Aruna

Aruna

Report

රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට කටයුතු නොකළහොත් මෙරට ණයහිමි රටවල් සහ ආයතන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහයෝගය ලබා නොදෙනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරනවා.

ශ්‍රී ලංකා රජය තම ආදායම කළමනාකරණය කිරීමට විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන බවට ණයහිමියන්ට සහතිකයක් අවශ්‍ය බවද හෙතෙම පැවසීය.

මේ මොහොතේ හෝ ඊට අදාළ වෙනස්කම් නොකළහොත් ඉදිරියේදී සිදුවන්නේ 2022දී ඇතිවූවාටත් වඩා අර්බුදයකට මුහුණදීමට බවද පැවසූ අමාත්‍යවරයා එය ඉතාම බරපතළ තත්ත්වයක් වනු ඇති බවත් සදහන් කලේය.

එවිට ලෝකයේ කිසිදු රටක සහායක් නැතිව ලංකාව හුදෙකලා වනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

එනිසා ආදායම් බදු පනත ඇතුළු නව සංශෝධන සඳහා සහයෝගය ලබා දීමට කටයුතු කළ යුතු බවද ඒ මහතා තවදුරටත් කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now