අද ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහිව විශිෂ්ඨ ජයක් හිමිකර ගනී..වාර්තාවකුත් තබයි.(UPDATE)

Cricket Sri Lanka Cricket New Zealand Cricket Team
By Aruna Jan 02, 2025 02:35 AM GMT
Aruna

Aruna

Report

Update

සංචාරක ශ්‍රී ලංකා - නවසීලන්ත තෙවැනි සහ අවසන් එක්දින තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (02) සමත් වුණේ කියුණු සටනකින් අනතුරුවයි.

මෙලෙස ජයග්‍රහණය කළේ ලකුණු 07කින්.

මේ අනුව, අද තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 218ක් රැස් කර ගැනීමට සමත් වුණා.

ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිස්සංක ලකුණු 14ක්ද, කුසල් මෙන්ඩිස් ලකුණු 22ක්ද, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 17ක්ද, නායක චරිත් අසලංක ලකුණු 46ක්ද, රැස් කළේ ය.

වේගවත් ඉනිමක් ක්‍රීඩාකල කුසල් පෙරේරා පන්දු 44කදී ලකුණු 101ක් රැස් කළ අතර, එම ශතකය පන්දුවාර 20 තරගයකදී මෙරට ක්‍රීඩකයෙකු ලබා ගත් තෙවැනි ශතකය සහ වේගවත්ම ශතකය වීම විශේෂත්වයක් .

මින්පෙර මහේල ජයවර්ධන සිම්බාවේ කණ්ඩායමට එරෙහිව 2010 දී පන්දු 64කට ලකුණු 100ක් වාර්තා කළා.

තවද, තිලකරත්න ඩිල්ෂාන් ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පන්දු 57කදී නොදැවී ලකුණු 104ක් රැස්කර ගත්තේ 2011 වසරේදීය.

අද තරගයේ පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායමේ Matt Henry, Jacob Duffy, Zakary Foulkes, Daryl Mitchell සහ Mitchell Santner අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේ ය.

ජයග්‍රහණය සඳහා නවසීලන්තයට ලකුණු 219ක ඉලක්කයක් හිමි වූ නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 212ක් රැස් කර ගැනීමට සමත් විය.

එහිදී, Tim Robinson ලකුණු 37ක්ද, Rachin Ravindra ලකුණු 69ක්ද, Mark Chapman ලකුණු 09ක්ද, Glenn Phillips ලකුණු 06ක්ද, Daryl Mitchell ලකුණු 35ක්ද, Mitchell Hay ලකුණු 08ක්ද, Michael Bracewell එක් ලකුණක්ද, නායක Mitchell Santner නොදැවී ලකුණු 14ක්ද, Zakary Foulkes නොදැවී ලකුණු 21ක්ද රැස් කළේ ය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ චරිත් අසලංක කඩුළු 03ක්ද, වනිඳු හසරංග කඩුළු 02ක්ද, බිනුර ප්‍රනාන්දු සහ නුවන් තුෂාර එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් විය.

තරග තුනකින් සමන්විත පන්දුවාර 20 අවසන් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ නමුත් ,මීට පෙර පැවති තරග 02 ම ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ බැවින් සමස්ථ තරගාවලියේ ජය නවසීලන්තයට හිමි වීම ද විශේෂත්වයක්.

.......................................................

ශ්‍රී ලංකාවෙන් නවසීලන්තයට දැවැන්ත ලකුණු පුවරුවක්..කුසල් පෙරේරා ගෙන් ශතකයක්..

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තුන්වන 20යි 20 ජාත්‍යන්තර තරගය මේ වන විට ආරම්භවී තිබෙනවා.

අද තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.

කුසල් මෙන්ඩිස් ඉතිහාසගත ලෝක වාර්තාවක් තබයි..

කුසල් මෙන්ඩිස් ඉතිහාසගත ලෝක වාර්තාවක් තබයි..


මෙහිදී ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාව ආරාධනා කිරීමයි.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 218ක දැවැන්ත ලකුණු පුවරුවක් දක්වා රැගෙන යාමට ශ්‍රී ලංකා පිතිකරු බලඇණිය මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ප්‍රේම කරන අයට අද කියාපු දවස.. ලග්න 06කට ජයග්‍රහණ රැසක්..සියලු ලග්න වලට හොද නරක මෙතනින් බලන්න.(VIDEO)

ප්‍රේම කරන අයට අද කියාපු දවස.. ලග්න 06කට ජයග්‍රහණ රැසක්..සියලු ලග්න වලට හොද නරක මෙතනින් බලන්න.(VIDEO)


මෙහිදී කුසල් පෙරේරා පන්දු 46කදී ලකුණු 101ක් ලබාගැනීමට සමත් වූ අතර, චරිත් අසලංක පන්දු 22කදී ලකුණු 44ක් ලබා ගැනීමට සමත් විය.

මීට අදාල ලකුණු පුවරුව පහතින්👇


Gallery
ReeCha