කාන්තාවකගේ කිලෝ තුනහමාරක් බරැති ප්ලිහාව ඉවත් කල අපූර්ව සැත්කම (VIDEO)
ඉතා කලාතුරකින් පුද්ගලයෙකුට වැලඳෙන මයෙලොෆිබ්‍රොසිස් නැමති ඇටමිදුළු තුළ හටගන්නා රෝගයකින් සිව්දරු මවකට සාර්ථක සැත්කමක් සිදුකිරීමට කෑගල්ල මහ රෝහලේදී සෞඛ්‍ය කාර්යමණ්ඩලය සමත් වුණි. ඇයගේ අක්මාවේ හා වකුගඩුවල ක්‍රියාකාරිත්වයටද මේ රෝගී තත්වයෙන් බලපෑම් එල් වී තිබුණු අතර, ඒ හේතුවෙන් ඇය මේ සැත්කම සඳහා භාජනය කෙරුණි.
එලෙස සැත්කමට භාජනය කෙරුණේ, කෑගල්ල කෙහෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවකි. එම සාර්ථක සැත්කමක් සිදුකිරීමට කෑගල්ල මහ රෝහලේ ශල්‍ය විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා ඇතුළු කාර්යමණ්ඩලය හැකියාව ලැබුණි.
උණ, අක්මාවේ හා වකුගඩුවල අකර්මණ්‍යතා හේතුවෙන් ඇයට හදිසි සැත්කමක් ලෙස එම සැත්කම සිදුකර ඇති අතර, පැය 2ක පමණ කාලයක් තුළ සිදුකළ සැත්කමෙන් කිලෝග්‍රෑම් 3 හමාරක් පමණ වැඩී තිබුණු ඇගේ ප්ලීහාව ඉවත්කර තිබේ.
සාමාන්‍ය පුද්ගලයෙකුගේ ප්ලිහාව ග්‍රෑම් 150ක් වන අතර කිලෝග්‍රෑම් තුන හමාරක් දක්වා වැඩී තිබුණු අගේ ප්ලිහාව සැත්කමින් ඉවත් නොකළේ, නම් ඇය ජීවිත අවදානමකට මුහුණ දෙන බව විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා පැවසුවේය.
මේ පිළිබඳ අදහස් දැක්වු වෛද්‍යවරයා,
"මේ තත්ත්වය අපි මයෙලොෆිබ්‍රොසිස් නමින් හඳුන්වනවා. මෙහිදි වෙන්නේ රෝගියාගේ ඇටමිදුළු තුළ යම් පිළිකා තත්ත්වයක් ඇති වීමයි. එහිදි වෙන්නේ රෝගියාගේ සංඝටක වන රතු රුධිරාණු, රුධිර පට්ටිකා නිෂ්පාදනය වෙන්නේ, ඇටමිදුළු තුළ එය යම්කිසි අඩපණ වීමකට ලක්වෙනවා. ඒ නිසා රෝගියා යම්කිසි රක්තහීනතාවයකට වගේම දැඩි අවධානමකට ලක්වෙනවා මේ රුධිර පට්ටිකා අඩුවීම නිසා. මෙය බොහෝම කලාතුරකින් ඇතිවෙන දෙයක්.
සාමාන්‍යයෙන් ලක්ෂයකට එක් පුද්ගලයෙකුට වගේ ඇතිවෙන තත්ත්වයක්. ඒ වගේම මේකෙ තියෙන තවත් තත්ත්වයක් තමා ප්ලිහාව ඉතාමත් විශාල වෙනවා. අපි දන්නවා සාමාන්‍ය පුද්ගලයෙකුගේ ප්ලිහාව ග්‍රෑම් 150ක් වගේ වෙන්නේ. නමුත් මේ කාන්තාවගේ ප්ලිහාව කිලෝග්‍රෑම් 3 හමාරක් විතර විශාලත්වයක තිබුණා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |