කොරෝනාව වසන්තයේදී ප්‍රතිශ්‍යාවක් බවට පත්වේවි - විශේෂඥයෙකුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..?

covid19 AstraZeneca John Bel covid variants
By Sewvandhi Sep 23, 2021 01:09 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ලොව පුරා මිනිස් ජිවිත හතලිස් හත් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් බිලිගත් විසිතුන් කෝටියක් රෝගී කළ කොරෝනා වෛරස් ගෝලීය වසංගතය මීළඟ වසත් සමය උදා වනවිට සාමාන්‍යය ප්‍රතිශ්‍යාවක් බවට පත්වනු ඇතැයි ප්‍රකට වෛද්‍ය විද්‍යාඥයෙකු පවසනවා.

ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා එන්නත නිපදවූ විද්‍යාඥ කණ්ඩායමේ මහාචාර්ය ශ්‍රීමත් ජෝන් බෙල් ප්‍රකාශ කළේ මෙම ශීත ඍතුව පසුවීමත් සමඟ තත්ත්වය සාමාන්‍ය අතට හැරෙනු ඇති බවයි.

මේ අතර, සංවර්ධනය වෙමින් පවත්නා රටවල් වෙත කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 500 ක් ඉදිරි වසරේදී පරිත්‍යාග කරන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් නිල වශයෙන් නිවේදනය කළා.

ජගත් සංවිධාන මහා මණ්ඩල සමුළුවට සමගාමීව පැවති කොරෝනා වෛරසය පිළිබඳ අතත්‍ය සමුළුවේදී ජනපති බයිඩ්න් ප්‍රකාශ කළේ එන්නත්කරණය මගින් වෛරසයට එරෙහිව සන්නද්ධ විය හැකි බවයි. ගෝලීය ජනගහනයෙන් සියයට 70 ක් එන්නත්කරණයට ලක් කිරීමට නම් කොරෝනා එන්නත් මාත්‍රා බිලියන 11 ක් අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා. කවයි.

මේ අතර, කොරොනා ප්‍රතිදේහ වලින් පාලනය කිරීමට අපහසු නව කොරෝනා ප්‍රභේදයක් සම්බන්ධයෙන් ලොව සෞඛ්‍ය අංශ වල දැඩි අවධානය යොමුවී තිබේ.

ජපානයෙන් මුලින්ම හඳුනා ගෙන ඇති එම වෛරස් ප්‍රභේදය R.1 ලෙස හඳුන්වා ඇත. ඇමරිකාවෙන් ද එම ප්‍රභේදය ආසාදිතයන් 45 දෙනෙකු මේ වන විට හඳුනාගෙන තිබේ.

විද්‍යාඥයන් පවසන්නේ මෙම ප්‍රභේදය ව්‍යාප්තවීම, ගුණනය වීම සහ ප්‍රතිශක්තිකරණය ඉක්මවා යාම කැපී පෙනෙන විකෘතීන් බවයි. එම තත්වයන් මත මෙම ප්‍රභේදය ගැන වැඩි අවධානයක් යොමු කිරීමට කටයුතු කර තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now