අදත් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි

Sinhala and Tamil New Year Sinhala news
By Hashini Apr 14, 2025 04:17 AM GMT
Hashini

Hashini

Report

 අදත් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඒ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේශිතවයි.

ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන ටී. එච් .ආර් .ටී .චන්ද්‍රසිරි මහතා අද දිනයේ මගී අවශ්‍යතාව පරිදි අතිරේක බස් රථ ධාවනයට ද සැලසුම් කර ඇති බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුව ද අදත් විශේෂ දුම්රිය සේවා සිංහල - දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ යටතේ බදුල්ල, බෙලිඅත්ත, අනුරාධපුර, ගාල්ල හා කන්කසන්තුරෙයි දක්වා අතිරේක දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක වනු ඇති.

ඊට අමතරව යාල් දේවී හා රජරට රැජිණ දුම්රිය වල මැදිරි සංඛ්‍යාව ද වැඩි කර තිබෙනවා. 

තවත් ප්‍රබල භූ කම්පනයක්

තවත් ප්‍රබල භූ කම්පනයක්

ReeCha