ගමේ ගිය අයට එන්න විශේෂ දුම්රිය සේවා

Report

 දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ අවුරුදු සැමරීම සඳහා ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ කරා ගමන් කිරීම සඳහා අද (18) සිට විශේෂ දුම්රිය කීපයක් ධාවනයට යොදවා ඇති බවයි.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ.ඉදිපොලගේ සදහන් කරන්නේ අද (18), හෙට (19), අනිද්දා (20) හා 21 දා දක්වා මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කෙරෙන බවයි.

ඒ අනුව බදුල්ල, බෙලිඅත්ත, ගාල්ල සහ කන්කසන්තුරේ සිට කොළඹ බලා මෙම දුම්රිය සේවා ක්‍රියාත්මක කෙරෙන බව ද ඔහු වැඩිදුරටත් සදහන් කළා. 

හමාස් සංවිධානයෙන් ඊශ්‍රායලයට කොන්දේසියක්

හමාස් සංවිධානයෙන් ඊශ්‍රායලයට කොන්දේසියක්